01

   
English (UK)SinhalaSriLankaTamilIndia


උතුරු මැද පාසල් දරුවන්ට නොමිලයේ සහල්

2019.04.01iii

උතුරු මැද පාසල් දරුවන් 16000ක් සඳහා නොමිලයේ සබලකරණය කරන ලද සහල් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදනාගාරය අනුරාධපුර  ගල්නෑව කලංකුටිටියදී කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

 

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් ජාතික ආහාර ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ගල්නෑව, කළංකුට්ටිය නිෂ්පාදනාගාරයේදී මෙම සහල් සබලකරණ ව්‍යාපෘතියේ සහල් නිෂ්පාදනය සිදු කරනු ලබයි.ලෝක ආහාර වැඩසටහන සහ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලය සමග එක්ව දරුවන්ගේ පෝෂණ තත්ත්වය ඉහල දැමීම උදෙසා නොමිලේ සබලකරණ ලද සහල් ලබා දීමේ ප‍්‍රථම අදියර අනුරාධපුර තඹුත්තේගම අධ්‍යාපන කලාපයෙන් ඇරඹිණි.

 

මේ යටතේ පාසල් 61ක් ව්‍යාපෘතිය යටතේ තෝරාගෙන ඇත.සබලකරණයෙන් යුතු සහල් නොමිලයේ ලබාදීමේ අරමුණ වන්නේ සෑම කාන්තාවන් තිදෙනකුගෙන් එක් අයෙකුට හා වයස අවුරුදු 5ට අඩු සෑම දරුවන් 4 දෙනකුගෙන් එක් අයෙකුට ප‍්‍රමාණවත් ෆෝලික් අම්ලය පරිභෝජනයෙන් දුරස්වීම හේතුවෙන් රක්තහීනතාවට ගොදුරුවන බවත්, අනාගතයේ ඉන් දරුවන් වලක්වාගැනීම බව එහිදී කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය.

 

මෙම වැඩසටහන සදහා ලෝක ආහාර වැඩසටහන රුපියල් මිලියන 53ක වියදමක් දරයි. පාසල් සඳහා සහල් ප‍්‍රදානය කිරීමේ සංකේතවත් උත්සවය අනුරාධපුර හෙරිටේජ් උත්සව ශාලාවේදී අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමෙන් අනතුරුව මෙම නිෂ්පාදනාගාරය කලංකුට්ටියේදී අමාත්‍යතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය මඟින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලබන අතරමූල්‍ය හා සම්පත් දායකත්වය ලෝක ආහාර වැඩසටහන මඟින් සපයයි.පර්යේෂණ හා තාක්ෂණ දායකත්වය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය මඟින් ලබා දෙනු ලබයි.

 

කලංකුට්ටිය සහල් සබලකරණ මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යතුමන් එහි සිදුවන කාර්යය නිරීක්ෂණය කළ අතර,අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කීය.

 

ලෝක ආහාර වැඩසටහන හා ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය එකතු වෙලා තඹුත්තේගම කලාපයේ පාසල් 61 ක ළමුන් 16 000 කට පෝෂදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරනු ලබනවා.මෙතෙක් කල් අපි ඒ සහල් පිටින් ගෙනල්ලා තමයි ඒ අවශ්‍ය පෝෂදායි මල්ල ලබා දෙන්න කටයුතු කලේදැන් අපි අපේම ස්ථානයක, ගුණාත්මක වී වර්ග වී  අලෙවිමණ්ඩලයෙන් හෝ එම වී වගා කරන අයගෙන්ම අරන් මේ ස්ථානයේදීම සහල් බවට පත් කරලා පැකට් කරලා මේ ප්‍රදේශයේ පාසල් වලට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම මේ ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ලබන මැයි මාසයෙන් පස්සේ අනුරාධපුර දිස්ත්‍රික්කයේම තියෙන පාසල් 570 කට වගේ මේ දිවා ආහාර වේල ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.අනතුරුව ලංකාව පුරාම පාසල් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ සඳහා අවශ් සහල් සහ උළුදු පිටි ආදී වෙනත් ධාන්‍ය පිටි වර්ග නිෂ්පාදනයටත් මෙම ස්ථානයේ හැකියාව තියෙනවා.පාසල් දරුවන්ට අමතරව ප්‍රදේශවාසීන්ටත් මෙම ස්ථානයේ නිෂ්පාදනයන් මිලදී ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන්න,ඒ තුළින් මේ ප්‍රදේශයේ දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය අඩු කර සෞඛ්‍ය සම්පන්න දරු පිරිසක් බිහි කරන්න යැයි පැවසීය.

 

 

මෙම අවස්ථාවට කෘෂිකර්මග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධනවාරීමාර්ගධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස්  රුවන්චන්ද්‍ර ,ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය එස්.එල්.ඒ ඩැනියෙල් යන මහත්වරුන් හා ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

2019.04.01i    2019.04.01ii   

 

 

      2019.04.01v    2019.04.01vi

 

2019.04.01vii    2019.04.01viii

 

 

 

 


கடைசியாகப் புதுப்பிக்கப்பட்டது: புதன்கிழமை, 24 ஏப்ரல் 2019 03:20

சமூக வலையமைப்பு

பார்வையாளர்கள் எண்ணிக்கை

Please install plugin HitCounter!

கமத்தொழில், கிராமிய பொருளாதார ௮லுவல்௧ள் ,
நீர்ப்பாசனம், மீன்பிடி மற்றும் நீரியல் வளங்௧ள் அபிவிருத்தி அமைச்சு

 இல. 288,

ஸ்ரீ ஜயவர்தனபுர மாவத்தை,

ராஜகிரியஇலங்கை.

 

தொ/பே: +94-11-2869553

தொலைநகல்: +94-11-2868910

மின்-அஞ்சல்:

இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.


பதிப்புரிமை - 2019 

கமத்தொழில், கிராமிய பொருளாதார ௮லுவல்௧ள் ,
நீர்ப்பாசனம், மீன்பிடி மற்றும் நீரியல் வளங்௧ள் அபிவிருத்தி அமைச்சு

சகல பதிப்புரிமைகளும் அமைச்சுக்குரியது 

 

 தீர்வு மூலம்