01

   
English (UK)SinhalaSriLankaTamilIndia


උත්සව සමයට රජයේ මිල්කෝ, හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කරනවා - අමාත්‍ය පී. හැරිසන්

2019.03.26iii

ඉදිරි උත්සව සමයට මිල්කෝ, හයිලන්ඩ් නිෂ්පාදන වැඩි කරන ලෙස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා පසුගියදා දිගන මිල්කෝ කිරි නිෂ්පාදනාගාරයේදි පැවති සාකච්ඡාවේදී නිලධාරීන්ට උපදෙස් උපදෙස් ලබා දුන්නේය.

 එහිදී කිරි කර්මාන්තශාලාව වෙත ලැබෙන කිරි ප්‍රමාණය වැඩි කිරීම උදෙසා එක් රැස් කිරීම වර්ධනය කරන ලෙසත්, දෛනික නිෂ්පාදිත අයිස්ක්‍රීම් හා යෝගට් ප්‍රමාණය විසිදහසකින් ඉහළ දමන ලෙස උපදෙස් ලබා දුන්නේය.

 විදේශීය කිරිපිටි ගැටළුව සමඟ මිල්කෝ නිෂ්පාදන අලෙවිය ඉහළ ගොස් ඇති බැවින් වෙළඳපොලේ හිඟයක් පවතින බව අමාත්‍යවරයා මෙහිදී පැවසූ අතර, දෛනික කිරිපිටි නිෂ්පාදනයන් ඉහළ දැමිය යුතු බව අමාත්‍යවරයා කීය.දෛනික කිරි සැපයුම වියලි කාලගුණය සමඟ ලීටර් ලක්ෂය දක්වා අඩුවි ඇති බවද, අඹේවෙල කිරි කර්මාන්තශාලාව සඳහා දෛනිකව කිරි ලීටර් ලක්ෂ 04ක අවශ්‍යතාවයක් පැන නැඟී ඇති බව හෙතෙම අවධාරණය කළේය.

 කිරි එක් රැස් කිරීමේ නිලධාරීන් සඳහා මෙම මාස කිහිපය තුළදී ඉලක්කයක් ලබා දී ඇති බවත්, එය සැපිරීමට කටයුතු නොකරන නිලධාරීන්ට අවශය නීතීමය පියවර ගන්නා බවත් එහිදී පැවසීය.

 මෙම අවස්ථාවට මිල්කෝ සමාගමේ සභාපති කීර්ති මිහිරිපැන්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් සහභාගී විය. 

2019.03.26ii    2019.03.26i


கடைசியாகப் புதுப்பிக்கப்பட்டது: செவ்வாய்க்கிழமை, 26 மார்ச் 2019 07:48

சமூக வலையமைப்பு

பார்வையாளர்கள் எண்ணிக்கை

Please install plugin HitCounter!

கமத்தொழில், கிராமிய பொருளாதார ௮லுவல்௧ள் , கால்நடை அபிவிருத்தி,

நீர்ப்பாசனம், மீன்பிடி மற்றும் நீரியல

 இல. 288,

ஸ்ரீ ஜயவர்தனபுர மாவத்தை,

ராஜகிரியஇலங்கை.

 

தொ/பே: +94-11-2869553

தொலைநகல்: +94-11-2868910

மின்-அஞ்சல்:

இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.


பதிப்புரிமை - 2019 கமத்தொழில், கிராமிய விவகாரங்கள், கால்நடை வளங்கள் அபிவிருத்தி,

நீர்ப்பாசனம் மற்றும் கடற்றொழில்கள் மற்றும் நீரியல் வளங்கள் அமைச்சு 

சகல பதிப்புரிமைகளும் அமைச்சுக்குரியது 

 

 தீர்வு மூலம்