01

   
English (UK)SinhalaSriLankaTamilIndia


මිල්කෝ දෛනික කිරි නිෂ්පාදනය වහාම ලීටර් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරන්න නිලධාරීන්ට අමාත්‍යවරයාගෙන් උපදෙස්

          SAM 1006      SAM 1003

 

          SAM 1004     SAM 1024              

                                SAM 1014

 

මිල්කෝ සමාගමේ දෛනික කිරි නිෂ්පාදනය වහාම ලීටර් ලක්ෂ තුන හමාර දක්වා වැඩි කරන ලෙස පී හැරිසන් අමාත්‍යතුමන් ග්‍රාමීය ආර්ථිකය පිළිබද අමාත්‍යාංශයේ පැවැති මිල්කෝ සමාගමේ විධායක නිලධාරීන්ගේ හමුවේදී පැවැසීය.

2018 වර්ෂයේ සිට මේ දක්වා දෛනික කිරි එක් රැස් කිරීම ලීටර එක්ලක්ෂ හැත්තෑ දහස ට සීමා වී ඇත්තේ කුමන කාරණයකින්ද යන්න ගැටලුවක් බවත් වහාම කිරි එක් රැස් කිරීමේ මධ්‍යස්ථාන හරහා දෛනික කිරි එක්රැස්කිරීම ත්වුර කරන ලෙස අමාත්‍යවරයා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී

කිරි ලීටරයක මිල රු 50 සිට අවස්ථා දෙකකදී රු 70 දක්වා තමන් අමාත්‍ය වරයාව සිටියදී වැඩි කල බවත් කඩිනමින්ම කිරි ගොවීන් පුහුණු කිරීමේ වැඩසටහන් ආරම්භ කරමින් කිරි නිෂ්පාදනය වැඩි කිරීමට කටයුතු කල යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් කීය

මේ වසර තුල යෝජිත පුල්මුඩේ එප්පාවල වැලිඔය රඹෑව ඇතුලු නව කිරි ශීත කිරීමේ මධ්‍යස්ථාන හතක් කඩිනමින්ම ස්ථාපනය කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙසද මහා පරිමාන කිරි ගොවියන්ද මිල්කෝ සමාගමට කිරි සැපයීමට හවුල් කරගන්නා ලෙස නිලධාරීන්ට මෙහිදී අමාත්‍යවරයා උපදෙස් දෙන ලදී

යෝගටි හා අයිස්ක්‍රීමි නිෂ්පාදනය තුලින් දේශීය කිරි පරිභෝජනය ඉහල දැමීමෙන් කිරි ගොවියා ශක්තිමත් කල හැකි බවද ඒ සදහා සමාගම නිරන්තරයෙන් උනන්දු විය යුතු බවත් 2019 වර්ශයේ ඉලක්ක ගත ආදායමට ද නිලධාරීන්ද ඇප කැප වී වැඩ කලයුතු බව මෙහිදී හෙතෙම පැවැසීය

මෙම අවස්ථාවට මිල්කෝ ආයතනයේ නිලධාරීන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය අමීර් අලි මහතාද එක්ව සිටියේය

 

 


கடைசியாகப் புதுப்பிக்கப்பட்டது: வெள்ளிக்கிழமை, 11 ஜனவரி 2019 04:06

சமூக வலையமைப்பு

பார்வையாளர்கள் எண்ணிக்கை

Please install plugin HitCounter!

கமத்தொழில், கிராமிய பொருளாதார ௮லுவல்௧ள் , கால்நடை அபிவிருத்தி,

நீர்ப்பாசனம், மீன்பிடி மற்றும் நீரியல

 இல. 288,

ஸ்ரீ ஜயவர்தனபுர மாவத்தை,

ராஜகிரியஇலங்கை.

 

தொ/பே: +94-11-2869553

தொலைநகல்: +94-11-2868910

மின்-அஞ்சல்:

இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.
இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.


பதிப்புரிமை - 2019 கமத்தொழில், கிராமிய விவகாரங்கள், கால்நடை வளங்கள் அபிவிருத்தி,

நீர்ப்பாசனம் மற்றும் கடற்றொழில்கள் மற்றும் நீரியல் வளங்கள் அமைச்சு 

சகல பதிப்புரிமைகளும் அமைச்சுக்குரியது 

 

 தீர்வு மூலம்