01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ආදර්ශ ගම්මාන වැඩසටහන

කෘෂිකාර්මික කටයුතු වල නියැලෙන ආයතන මඟින් ජනනය වන පර්යේෂණ දැනුම ගොවීන් වෙත ප්‍රචාරණය කිරීම හා එමඟින් ඹවුන්ගේ කෘෂි ගැටළු මග හරවා ගැනීමටත්, අනෙකුත් ගොවීන් අතර මෙම ක්‍රම ප්‍රචලිත කිරීමේ ක්‍රම වේදයක් ලෙසත් මෙම ආදර්ශන ගම්මාන පිහිටුවීමට අපේක්ෂිතය.

බෝග නිෂ්පාදනයේ සිට පරිභෝජනය දක්වා ගොවි ප්‍රජාව වෙත හඳුන්වා දිය යුතු නව තාක්ෂණ ක්‍රම ගම්මාන තුල ආදර්ශනය කිරීම, ආහාර සුරක්ෂිතතාවය මෙන්ම පෝෂණ සුරක්ෂිතතාවය ද තහවුරු කිරීම සඳහා ග්‍රාමීය දායකත්වය ඉහල නැංවීම හා ස්වාභාවික සම්පත් උපරිම මට්ටමින් සංරක්ෂණය කිරීමට ගොවි ප්‍රජාව යොමු කිරීම මෙහි අරමුණ වේ.

ගොවීන් කණ්ඩායම් ලෙස සංවිධානය කර මෙම ගම්මාන පිහිටුවන අතර, ඵලදායීතාවය ඉහල නැංවීම සඳහා අවශ්‍ය නව තාක්ෂණය, පෙර හා පසු අස්වනු හානි අවම කිරීමේ තාක්ෂණයන්, ස්වාභාවික සම්පත් සංරක්ෂණ ක්‍රම, නව ප්‍රභේද ආදර්ශණ වශයෙන් වගා කිරීම ආදී නවතම තාක්ෂණය අඩංඟු වැඩසටහනක් මෙම ගම්මාන තුල ක්‍රියාත්මක කෙරේ. එමඟින් මෙම නව තාක්ෂණ ක්‍රම අනෙකුත් ගොවීන් අතරට ද පහසුවෙන් පැතිර යාම සිදු වෙතැයි අපේක්ෂා කෙරේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අපි වවමු රට නගමු වැඩසටහනින් මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරනු ලැබේ. මෙම වර්ෂය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන රු.මි. -50 කි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ආදර්ශ ගම්මාන 359 ක් ද, ආහාර ප්‍රවර්ධන මණ්ඩලය මගින් ගම්මාන 32 ක් ද, හදබිම අධිකාරිය මගින් ගම්මාන 8 ක් ද, පසු අස්වනු තාක්ෂණ ආයතනය මගින් ගම්මාන 5 ක් ද ස්ථාපනය කෙරේ.


Last Updated on සිකුරාදා, 05 ඔක්තෝබර් 2012 10:57

සමාජීය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ
ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
 

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය