English (UK)SinhalaSriLankaTamilIndia

මොනරාගල අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක්.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන අපි වවලයි -අපි කන්නේ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ වගා සංවර්ධන කලාප අපනයන වැදගත්කමක් ඇති බෝග සඳහා ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට තෝරාගෙන ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ඒකකය විසින් මෙම කටයුතු ක්‍රියාත්මක කරන අතර දැනට පළමු අදියර යටතේ අන්නාසි වගා සංවර්ධන කලාප සඳහා මැදගම මැල්ලගම ප්‍රදේශයේ අක්කර 37ක් සහ වැල්දොඩම් වගා සංවර්ධන කලාපය සඳහා බුත්තල පැලවත්තේ අක්කර 37කුත් යොදාගෙන තිබේ.

මෙම ඉඩම් එක් අයකුට අක්කරය බැගින් ගොවීන් 74කට ලබා දෙන අතර ඔවුන්ගේ වගා කටයුතු පහසු කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සපයනු ලබයි. වගාව සඳහා අවශ්‍ය අන්නාසි මොරෙයියන්, විසිරි ජල සම්පාදන උපකරණ , වතුර පොම්ප , ප්ලාස්ටික් කූඩ , වැල්දොඩම් පැළ, ජී.අයි බට හා කම්බි ඇතුළු උපකරණ රැසක් නොමිලේ ලබා දෙයි.

මෙම වගා කලාප දෙකේ වැඩකටයුතු ආරම්භ කිරීම 2018.10.13 වන දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල දී සිදු කෙරේ.

වැස්සෙන් හානි වූ දඹුල්ලේ ලොකු ලූණු ගොවීන්ට හෙක්ටෙයාර් එකකට රු. 100,000 බැගින් කෘෂි රක්ෂණ වන්දි.

දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් විසින් වගා කර තිබෙන ලොකු ලූණු වගාවට මේ දිනවල පවතින අධික වැස්ස නිසා බෙහෙවින් අස්වනු හානි සිදුවී ඇති බවට වාර්තා වී තිබේ. යල කන්නයේ දී ඇතැම් ගොවීන් විසින් වගා කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් වර්ෂා කාලයට වගාවන් වැස්සට හසුවීම සිදුවේ.

නමුත් එම ගොවීන් සඳහා වගා හානි වන්දි ලබා දීමට වහාම පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (07) පස්වරුවේ කෘෂිකර්ම හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දෙනු ලැබීය.

මෙම රජය බලයට පත්වීමට පෙර වගා හානි ලබා ගැනීමට නම් ගොවින් විසින් කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගත යුතු වු අතර ඒ සඳහා වාරික දායක මුදලක් ගෙවිය යුතුව තිබිණි. නමුත් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ප්‍රධාන බෝග 06ක් සඳහා දායක මුදලකින් තොරව නොමිලේ වගා රක්ෂණය ලබා දීමේ වැඩ පිළිවෙළක් 2018 යල කන්නයේ සිට අරඹනු ලැබීය.

ඒ අනුව වී, අමු මිරිස්, ලොකු ලූණු, අර්තාපල්, බඩඉරිගු, හා සෝයාබෝංචි වගා කරන ගොවීන්හට නියඟය, වැස්ස, හා වනඅලින්ගෙන් වගා හානියක් සිදුවුවහොත් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැගින් වගා හානි වන්දි මුදල් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. මේ සඳහා රජය වෙන් කර තිබෙන මුදල රුපියල් මිලියන 5228කි.

ඒ අනුව දඹුල්ල හා වෙනත් ප්‍ර දේශවල ලොකුලූනු වගා කර ඇති ගොවීන්ගේ වගාවන් වැස්ස නිසා හානියට පත්ව තිබෙන හෙයින් ඒවා නිවැරදි තක්සේරුවක් කර අදාල වන්දි මුදල් වහාම ලබා දීමට පියවර ගන්නා ලෙසත්, සතියක් ඇතුළත මේ සම්බන්ධ සම්පුර්ණ වාර්තාවක් තමන් වෙත ලබා දෙන ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ නිලධාරින්හට ඊයේ පස්වරුවේ උපදෙස් දෙනු ලැබීය.

රටේ ජනතාවගේ කුසගින්දර නිවීම සඳහා කටයුතු කරන ගොවි ජනතාව ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව කී අමාත්‍යවරයා කිසිදු ගොවියෙකුට වගා හානිවලින් පීඩාවට පත්වීමට ඉඩ නොතබන බවත් අමාත්‍යවරයා කීය.

බයනැතිව වගා කරන්න. ඔබට පිහිට වෙන්නට අපි සිටිනවායැයිද අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටී.

වනසතුන්ගෙන් වන හානි වැළැක්වීමට ක්‍රියාත්මක කළ හැකි විසඳුම් පිළිබඳ යෝජනා කෘෂිකර්ම අමාත්‍යාංශය මහජනතාවගෙන් සහ විද්වතුන්ගෙන් ඉල්ලයි.

ශ්‍රී ලංකාවේ වනගහනයට සාපේක්ෂව සිටිය හැකි සත්වගහනය පිළිබඳව මෙතෙක් අපේ රටේ කිසිදු කලමනාකරණ අධ්‍යයනයක් සිදු කර නැත. එහෙත් ගොවීන් විසින් වගා කරන බෝගවලට සතුන්ගෙන් සිදුවන හානිය ගත් කල ඉතාමත් ඉහළ මට්ටමක පවතී. මේ වනවිට සත්ව හානිය නිසා විනාශයට පත්වන අපේ රටේ බෝගවල වටිනාකම රු.කෝටි 1800 ඉක්මවන බව ගණන් බලා ඇත.

ඒ අනුව තම වගාවන්ට සිදුවන හානි පිළිබඳ ගොවීන්ගෙන් තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ආරම්භ කළ අතර, මේවනවිට දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම ගොවීන්  විසින් ඔවුන්ට සිදුව ඇති වගා හානි පිළිබඳව තොරතුරු කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබා දෙමින් පවතී. ඔවුන් විසින් ලබා දී ඇති තොරතුරු අනුව පෙනී යන්නේ වැඩි ම බෝග හානියක් සිදු කරන්නේ, වල් ඌරන්, රිලවුන් සහ වඳුරන්  මෙන්ම මොනරුන්, ඉත්තෑවුන් හා වන අලීන් ය. පොළොන්නරුව ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල බහුල වශයෙන් හම්බාවන්ගෙන් බෝග හානි සිදුවන බව ගොවීහු පවසති.

වනසතුන්ගෙන් වන වගා හානි වළක්වා ගැනීම සඳහා මෙතෙක් අනුගමනය කර තිබෙන සහ ඇතැම් පිරිස් විසින් යෝජනා කරන ලද සියලු උපක්‍රම අසාර්ථක වී තිබේ. එම නිසා මෙම ගැටළුවට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා ගොවීන් සහ වෙනත් මේ සම්බන්ධව උනන්දුවක් දක්වන පුද්ගලයින්ගෙන් ද අදහස් හා යෝජනා ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

එම තොරතුරු 011-2872094 දුරකථන අංකයට ෆැක්ස් පණිවිඩ මඟින් ලබා දිය හැකිය.

මුලතිව් දිස්ත්‍රික්කයේ ගොවීන් 200ක් මඟින් ක්‍රියාත්මක රටකජු වගා සංවර්ධන කලාපයක්.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අපි වවලයි - අපි කන්නේ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කර තිබෙන කෘෂිකාර්මික කලාප ස්ථාපිත කිරිමේ ව්‍යාපෘතිය මඟින් මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන්, මුතියන්කට්ටු සහගනේෂපුරම් යන ප්‍රදේශවල අක්කර 200ක රටකජු සංවර්ධන කලාපයක් අද (06) දින ආරම්භ කරනු ලැබීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතිය මඟින් මේ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දෙන අතර මෙම කලාපය සඳහා වැය කරන මුදල රු.මි. 50කි. ගොවීන් 200කට බිංදු ජල සම්පාදන කට්ටල 200ක්, ජිප්සම් කිලෝග්රෑම් 8000ක් සහ කෘෂි උපකරණ රැසක් අමාත්‍යවරයා අතින් අද (06) දින භාර දෙනු ලැබීය. දැනට අප රටට ආනයනය කෙරෙන රටකජු ප්‍රමාණය මෙ.ටො. 4000කි. ඒ සඳහා අප විසින් වැය කරන මුදල රු.මි. 703කි. මුලතිව් දිස්ත්‍රික්කයේ රටකජු සංවර්ධන කලාපය තුලින් ගොවියෙකුට වාර්ෂිකව ලබා ගත හැකි අදායම රුපියල් ලක්ෂ 4 20,000කි. මුලතිව් දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සඳහා කෘෂි නවීකරන ව්‍යාපෘතිය මඟින් 2020 වසර දක්වා වෙන් කර තිබෙන මුදල රු.මි. 950කි.

මෙම අවස්ථාවට එක් වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, අපි වවලයි - අපි කන්නේ වැඩපිළිවෙල යටතේ රට පුරාම කෘෂිකාර්මික ප්‍රබෝධයක් ඇති කිරීම සහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවයි.

මෙම අවස්ථාවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතා යන මැති ඇමතිවරුන්  ඇතුළු පිරිසක් සහභාගී විය.

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 
80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය