01

   
English (UK)SinhalaSriLankaTamilIndia


“වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ 297,298 හා 299 වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (04) සහ අනිද්දා (05) ඇරඹේ

වැව් දහසක් -ගම් දහසක් වැඩසටහනේ 297,298 හා 299 වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (04) සහ අනිද්දා (05) ඇරඹේ

 

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන අපි වවලයි අපි කන්නේ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැව් දහසක් ගම් දහසක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

 මෙම වැඩපිළිවෙල යටතේ පළමු අදියර වශයෙන් වැව් 370ක් ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර එම වැව් යටතේ 297 වැනි වැව වශයෙන් හිඟුරක්ගොඩ, කටුකැලියාව පහළ සියඹලා වැව සහ එම වැව යටතේ පිහිටි ගමේ යටිතල පහසුකම් නංවාලීම හෙට (04) දින ඇරඹීමට නියමිත ය.

මෙම වැඩපිළිවෙලේ 298 වන වැව වශයෙන් මාතලේ ඊරියගොල්ල වැවත්, 299 වන වැව වශයෙන් මාතලේ පල්ලේපොල බෝවේරුව වැව සහ එම වැව් යටතේ පිහිටි ගම්මානවල යටිතල පහසුකම් නංවාලීම අනිද්දා (05) ආරම්භ කෙරේ.

මෙම කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර එම අවස්ථාවන්ට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් සහ නිලධාරීන් රැසක් සහභාගී වේ.

මෙම එක් වැවක් සංවර්ධනය සඳහා රු.මි. 05ක් බැගින් වෙන් කර ඇත.

විදේශයෙන් ආනයනය කරන "ජම්බෝ" රටකජු පරදවන්න "ශ්‍රී ලංකා ජම්බෝ" සූදානම්

 

විදේශයෙන් ආනයනය කරන ජම්බෝ රටකජු පරදවන්න ශ්‍රී ලංකා ජම්බෝ සුදානම්.

Read more: විදේශයෙන් ආනයනය කරන "ජම්බෝ" රටකජු පරදවන්න "ශ්‍රී ලංකා ජම්බෝ" සූදානම්

ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානය ලෙස සංවර්ධනය වන කහත්තේවෙල

කහත්තේවෙල ගම්මානය යනු බදුල්ල දිස්ත්‍රික්කයේ, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දුෂ්කර ගමක්.

Read more: ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මානය ලෙස සංවර්ධනය වන කහත්තේවෙල

“වැව් දහසක් -ගම් දහසක්” වැඩපිළිවෙලේ දෙවන අදියර කටයුතු ඇරඹීම.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙලේ වැව් දහසක් -ගම් දහසක් සංවර්ධන වැඩසටහනේ පළමු අදියර පසුගියදා නිකවැරටිය මහගිරිල්ල මහවැවේ දී ආරම්භ විය. පළමු අදියරේදී වැව් 370ක ප්‍රතිසංවර්ධන කටයුතු ආරම්භ වූ අතර දිවයින පුරා පිහිටි ග්‍රාම සේවා වසම් 370ක එම වැඩපිළිවෙල ක්‍රියාත්මක විය.

වැව් දහසක් -ගම් දහසක් වැඩසටහනේ දෙවන අදියර වශයෙන් වැව් 371 සිට 500ක් දක්වා

ක්‍රියාත්මක කිරීමට 2018.07.20 දින අගුණුකොළපැස්ස, යකාගල කුඩා වැවේ සිට ආරම්භ කෙරේ. එම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලඥයන් රැසක් සහභාගී වීමට නියමිත ය.

වැව් දහසක් -ගම් දහසක් වැඩපිළිවෙල යටතේ වැව් සහ වැව් අවට යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ .ඊට අමතරව ගොවි ජනතාවගේ ජීවනෝපාය නඟා සිටුවීම, කෘෂි මාර්ග සංවර්ධනය කිරීම, ගෙවතු වගා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පලතුරු පැළ රෝපන වැඩසටහන් වැනි ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට යෝජිත ය.

වැව් දහසක් -ගම් දහසක් ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට යෝජිත මුදල රු.මි.9000කි. මීට අමතරව අතිගරු ජනාධිපතිතුමන්ගේ ʻග්‍රාම ශක්තිʼ වැඩපිළිවෙල යටතේ වැව් ප්‍රතිසංස්කරණය සඳහා රු.මි.12,500ක් ද රජය විසින් ක්‍රියාත්මක කරන ගම්පෙරළිය වැඩසටහන යටතේ ද වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙලක් අරඹා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාපවසයි.

 

 

දියවැඩියාව වළක්වන නව වී ප්‍රභේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වා දෙයි.

දියවැඩියාව වැළැක්වීම සඳහා ඉවහල්වන වී ප්‍රභේදයක් හඳුන්වා දීමට අම්බලන්තොට වී පර්යේෂණායතනය විසින් පියවර ගෙන තිබේ. නීරෝගා නමින් හැඳින්වෙන මෙම වී වර්ගයෙන් සකස් කෙරෙන සහල්වල අඩංගුවන අවම කාබෝහයිඩ්රේට් නිසා රුධිරයේ සීනි ප්‍රමාණය අවම කර ගැනීමට හැකි වේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සෙනසුරාදා 2018.07.21 අම්බලන්තොට වී පර්යේෂණායතනයේ දැනට පර්යේෂණ සිදු කෙරෙන වී වගාව නිරීක්ෂණය කළේය.

එහිදී අම්බලන්තොට වී පර්යේෂණායතනයේ නිලධාරින් පැවසුයේ අපේ රටේ ජනතාව වැඩිපුර බත් ආහාරය වශයෙන් ගැනීම සිරුරේ සීනි ප්‍රතිශතය ඉහළයාමට හේතුවන බවයි. එමනිසා ඊට ප්‍රතිකර්මයක් වශයෙන් නව වී ප්‍රභේදයක් හඳුන්වාදීම සඳහා කළ පර්යේෂණ මේ වනවිට ඉතාමත් සාර්ථක ව ඇති අතර දියවැඩියාව වළක්වන මෙම වී ප්‍රභේදය නීරෝගා නමින් හඳුන්වන බව එම නිලධාරිහු අමාත්‍යවරයාට පැවසුහ. අමාත්‍යවරයා නිරෝගා වී ප්‍රභේදය වගා කර ඇති කුඹුරු යාය පරීක්ෂාවට ලක් කළේය.

           දියවැඩියා රෝගය මේ වනවිට සමස්ත ලෝකයටම බරපතල තර්ජනයක් එල්ල කර ඇති අතර දියවැඩියා රෝගය සැළකෙන්නේ සියලු රෝගවල මව Mother of all Diseases ලෙසයි. අපේ රටේ මේ වනවිට සෑම හතර දෙනෙකුගෙන්ම එක් අයෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙති. එම නිසා මෙම වී වර්ගය ව්‍යාපාරික මට්ටමින් වගා කර එම සහල් විදේශ රටවලට පවා අපනයනය කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

මේ ආකාරයේ මානව සෞඛ්‍යයට ඉතාමත් හිතකර භෝග වර්ග රැසක් ඉදිරි කාලය තුළ කෘෂි ක්ෂේත්‍රයට හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මේ වනවිටත් පර්යේෂණ රැසක් සිදු කරමින් සිටී. මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් බී. විජේරත්න, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්. එම්. එම්. වීරකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.

 

සමාජීය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ
ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය