English (UK)SinhalaSriLankaTamilIndia


වී අලෙවි මණ්ඩලය ගොවියන්ගෙන් මිල දී ගන්නා වී ප්‍රමාණය 5000kg දක්වා ඉහළ නැංවීමට තීරණය කරයි.

වී අලෙවි මණ්ඩලය විසින් ගොවියන්ගෙන් මෙතෙක් මිල දී ගන්නා ලද වී ප්‍රමාණය එක් ගොවියෙකුගෙන් 3000 Kg කි. එම ප්‍රමාණය 5000 Kg දක්වා ඉහල නැංවීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

ගොවීන්ගෙන් මිලදී ගන්නා නාඩු වී කිලෝවක් රු.38 ක් සහ සම්බා වී කිලෝවක් රු.41ක සහතික මිලකටත් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනු ලබයි. 2018 යල කන්නයේ දී වී අස්වනු මිලදී ගැනීම සම්බන්දව කෘෂිකර්ම අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ අතර ගොවීන්ට පහසුවෙන් වී අස්වනු විකුණා ගැනීම සඳහා අවශ්‍ය පොලිසැක් කවර පවා වී අලෙවි මණ්ඩලය විසින් ගොවින්ට නොමිලේ ලබා දී තිබූ අතර පෝලිම්වලින් තොරව වී මිලදී ගැනීමේ පහසුකම් සියලුම ගබඩාවල ස්ථාපිත කරනු ලැබීය.

 

වී ගොවීන්ට තම අස්වනු සඳහා ඉහළ මිලක් ලබා දීම රජයේ අරමුණ වන අතර වී අස්වනු නෙලන සමයේ සහල් තොග මෙරටට ගෙන ඒම වැලක්වීම සඳහා ආනයනික සහල් කිලෝවකට පනවා තිබූ සතවිසි පහක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු.70 දක්වා ඉහළ නංවනු ලැබීය. මේ හේතුවෙන් මෙවර යල කන්නයේ වී ගොවීන්ට තම අස්වනු අන් කවරදාකටත් වඩා ඉහළ මිලකට අලෙවි කර ගැනීමට හැකි විය. වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගන්නා මිලට වඩා රු.10ක් පමණ වැඩි මිලකට පුද්ගලික අංශයේ වෙළෙඳුන් විසින් මිලදී ගන්නා බව වාර්තා වේ.

 

වී ගොවීන්ට ඉහළ ආදායමක් ලබා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් අතිශයෙන් සතුටට පත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. එමෙන්ම 2018 මාස් කන්නයේදී ද වී අස්වනු මිලදී ගැනීම සඳහා කල්තියා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් එම මණ්ඩලයේ සභාපති නිතීඥ උපාලි මොහොට්ටි මහතාට පැවසීය.

“වැව් දහසක් ගම් දහසක්” ප්‍රතිසංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් වැව් 06ක් ප්‍රතිසංවර්ධනය කෙරේ.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ පුරාණ වැව් පද්ධතිය ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක කර තිබෙන “වැව් දහසක් ගම් දහසක්” වැඩපිළිවෙල යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් වැව් 06ක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් ප්‍රතිසංවර්ධනය කිරීම පසුගිය දෙදින තුළ සිදු කරනු ලැබී ය.

 

ඒ අනුව හම්බන්තොට යහංගල වැව, තිස්සමහාරාමය උද්ධකන්දර සහ රණකෙලිය වැව ලුණුගම්වෙහෙර බෝගහ වැව, කටුවන රිටිගහයාය සහ උලහිටියාය වැව, සූරියවැව වීරියගම වැව සහ ඉහළ කුඹුක්වැව යන වැව් 06 ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා කටයුතු ආරම්භ වූ අතර මේ සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් වැය කරන මුදල රු.මි. 180 කි.

 

“වැව් දහසක් ගම් දහසක්” වැඩපිළිවෙල යටතේ වැව් සහ එම වැව්වල යටිගං සංවර්ධනය ද සිදු කෙරෙන අතර, ගොවිජනතාවගේ පහසුව පිණිස කෘෂිමාර්ග සංවර්ධනය, ක්ෂුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබා දීම, පළතුරු පැළ ගෙවතු වගාව සඳහා ලබා දීම ඇතුළු ගොවිජන සංවර්ධනය උදෙසා පියවර රැසක් ක්‍රියාත්මක කෙරේ.

 

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා සඳහන් කළේ, ගොවිජනතාවට සහන ලබා දීම මඟින් ඔවුන් කෘෂිකාර්මික කටයුතුවලට උනන්දු කරවීමේ වැඩපිළිවෙල රජය අඛණ්ඩව ගෙනයන බවයි. ගොවීන් විසින් වගා කරන බෝග සඳහා ඔවුන්ට හොඳ මිලක් ලබා දීම මෙන්ම වගාවන්හි ආරක්ෂාව උදෙසා ද රජය පියවර රැසක් ගෙන තිබෙන අතර එමඟින් ගොවි ජනතාව උනන්දු කරවීමේ වැඩපිළිවෙල අඛණ්ඩවම ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

 

“වැව් දහසක් ගම් දහසක්” යටතේ මේ වන විට ප්‍රතිසංවර්ධනය කෙරෙමින් පවතින වැව් ප්‍රමාණය 320 ඉක්මවා තිබේ.

“වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ 297,298 හා 299 වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (04) සහ අනිද්දා (05) ඇරඹේ.

වැව් දහසක් -ගම් දහසක් වැඩසටහනේ 297,298 හා 299 වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (04) සහ අනිද්දා (05) ඇරඹේ. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන අපි වවලයි අපි කන්නේ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැව් දහසක් ගම් දහසක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

 මෙම වැඩපිළිවෙල යටතේ පළමු අදියර වශයෙන් වැව් 370ක් ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර එම වැව් යටතේ 297 වැනි වැව වශයෙන් හිඟුරක්ගොඩ, කටුකැලියාව පහළ සියඹලා වැව සහ එම වැව යටතේ පිහිටි ගමේ යටිතල පහසුකම් නංවාලීම හෙට (04) දින ඇරඹීමට නියමිත ය.

මෙම වැඩපිළිවෙලේ 298 වන වැව වශයෙන් මාතලේ ඊරියගොල්ල වැවත්, 299 වන වැව වශයෙන් මාතලේ පල්ලේපොල බෝවේරුව වැව සහ එම වැව් යටතේ පිහිටි ගම්මානවල යටිතල පහසුකම් නංවාලීම අනිද්දා (05) ආරම්භ කෙරේ.

මෙම කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර එම අවස්ථාවන්ට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් සහ නිලධාරීන් රැසක් සහභාගී වේ.

මෙම එක් වැවක් සංවර්ධනය සඳහා රු.මි. 05ක් බැගින් වෙන් කර ඇත.

“ වැව් දහසක් - ගම් දහසක් ” 300 වන වැව හා ගම සංවර්ධනය කිරීම අරඹයි.

 

අපි වවලයි - අපි කන්නේ කඩිනම් කෘෂිකාර්මික වැඩපිළිවෙල යටතේ වැව් දහසක්- ගම් දහසක් ව්‍යාපෘතිය මේවනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වේ. මෙම වැඩපිළිවෙල යටතේ පළමු අදියර වශයෙන් වැව් 370ක් ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර, එහි 300වන වැව හා ගම ලෙස අඟුණකොළපැලැස්ස,කයිලවැල්පෝටාව (වික්‍රමපුර වැව) ඇතුළු වැව් සහ ගම්මාන 07ක් ප්‍රතිසංවර්ධනය කිරීමේ කටයුතු 2018 අගෝස්තු 10,11,12 යන තෙදින තුළ ආරම්භ කිරීමට නියමිත ය.

 

වැව් දහසක් - ගම් දහසක්” ප්‍රථම අදියර සඳහා රු.මි. 3500කට අධික මුදලක් රජය විසින් වෙන්කර ඇත. ග්‍රාමීය ගොවි ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය ඉලක්ක කරගනිමින් වැව් ප්‍රතිසංස්කරණය සිදුකිරීම මෙම වැඩපිළිවෙලේ විශේෂත්වයකි. කෘෂි මාර්ග සංවර්ධනය, ගෙවතු වගාව, ගෙවිලියන් ශක්තිමත් කිරීම, ගොවිජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, වැව යටතේ ඇති ඇළවේලී ප්‍රතිසංවර්ධනය ඇතුළු යටිගං සංවර්ධනය සහ වැව අවට පරිසරයේ සුරක්ෂිතතාවය උදෙසා කටයුතු කිරීම වැනි වැඩකටයුතු රැසක් වැව් දහසක් - ගම් දහසක් යටතේ ක්‍රියාත්මක වේ.

 

මෙම ව්‍යාපෘතියේ 300 වනි වැව සහ ගම වශයෙන් අගුණකොළපෑලැස්ස, කයිලවැල්පෝටාවැව(වික්‍රමපුර වැව) සංවර්ධන කටයුතු ලබන ඉරිදා(12) දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

 

“වැව් දහසක් -ගම් දහසක්” වැඩසටහනේ 297,298 හා 299 වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (04) සහ අනිද්දා (05) ඇරඹේ

වැව් දහසක් -ගම් දහසක් වැඩසටහනේ 297,298 හා 299 වන වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු හෙට (04) සහ අනිද්දා (05) ඇරඹේ

 

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන අපි වවලයි අපි කන්නේ කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැව් දහසක් ගම් දහසක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

 මෙම වැඩපිළිවෙල යටතේ පළමු අදියර වශයෙන් වැව් 370ක් ප්‍රතිසංවර්ධනය කෙරෙන අතර එම වැව් යටතේ 297 වැනි වැව වශයෙන් හිඟුරක්ගොඩ, කටුකැලියාව පහළ සියඹලා වැව සහ එම වැව යටතේ පිහිටි ගමේ යටිතල පහසුකම් නංවාලීම හෙට (04) දින ඇරඹීමට නියමිත ය.

මෙම වැඩපිළිවෙලේ 298 වන වැව වශයෙන් මාතලේ ඊරියගොල්ල වැවත්, 299 වන වැව වශයෙන් මාතලේ පල්ලේපොල බෝවේරුව වැව සහ එම වැව් යටතේ පිහිටි ගම්මානවල යටිතල පහසුකම් නංවාලීම අනිද්දා (05) ආරම්භ කෙරේ.

මෙම කටයුතු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන අතර එම අවස්ථාවන්ට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලඥයන් සහ නිලධාරීන් රැසක් සහභාගී වේ.

මෙම එක් වැවක් සංවර්ධනය සඳහා රු.මි. 05ක් බැගින් වෙන් කර ඇත.

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය