English (UK)SinhalaSriLankaTamilIndia


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් හොඳම පලතුරු ගෙවත්ත රංජිත් සියඹලාපිටිය මහතාගේ ගෙවත්ත වීම හැම දෙනාටම ආදර්ශයක්- කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සතු හොඳම පලතුරු ගෙවත්ත රංජිත් සියඹලා පිටිය මහතාගේ ගෙවත්ත බවට මම සිතනවා. එතුමාගේ ගෙවත්තේ පලතුරු පැළ වගා කර තිබෙන ආකාරය හා ඉතාමත් දුර්ලභ පලතුරු පැළ රාශියක් තිබීම නිසා එතුමා අපේ රටේ හැම දෙනාටම ආදර්ශයක් ලබා දී තිබෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

 

රුවන්වැල්ල පිහිටි රංජිත් සියඹලාපිටිය මහතාගේ අක්කර 07කින් පමණ යුත් පලතුරු ගෙවත්ත බැලීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා එහි ගියේය.   විදුලිබල හා බලශක්ති අමාත්‍ය   රංජිත් සියඹලාපිටිය මහතාගේ පලතුරු ගෙවත්තේ දැනට පලතුරු වර්ග 215කට අධික ප්‍රමාණයක් වගා කර තිබේ. ඉන් බහුතරයක් අප රටට ආවේනික පලතුරු වන අතර එම පලතුරු අතර කරඹ. මා දං, හිඹුටු වැනි පලතුරු ශාඛ වර්ග ද වේ.

 

මෙම පලතුරු උද්‍යානය නිරීක්ෂණය කරන අතර තුර අදහස් පළ කළ අමාත්‍යවරයා වර්තමානයේ නාගරික වෙසෙන බොහෝ දෙනෙක් තම රැකියාවලින් විශ්‍රාම ගිය පසු කරන්නට කිසිදු කාර්යයක් නැති නිසා දැඩි පසුතැවිල්ලට ලක්වේ. එම නිසාම අධි රුධිර පීඩනය වැනි රෝගාබාධයන්ට ඔවුන් ගොදුරු වේ. නමුත් තමන්ට ඇති සීමිත ඉඩකඩක වුවද මෙවැනි වගාවක් පවත්වාගෙන යන්නේ නම් කිසිදු අපහසුතාවකින් තොරව ඉතා යහපත් මානසික චිත්ත විවේකයක් සහිතව කාලය ගත කළ හැකි බව අමාත්‍යවරයා පැවසීය.

 

එමෙන්ම මෙම වසරේ දී ජනපති කෘෂි සම්මාන උළෙලක් පවත්වන කී අමාත්‍යවරයා එහිදී සම්මාන රැසක් කෘෂි අංශයේ සංවර්ධනය සඳහා කටයුතු කළ අය සඳහා ලබා දෙන බව ද කීය.

 

කෙසේ වුවද රංජිත් සියඹලා පිටිය මහතා වෙත අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ රංජිත්. ඔයාට නම් තරගයක් නැහැ කියායි. මක්නිසාද යත් එම සම්මාන උළෙලේ හොඳම ගෙවත්ත හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තේරීමේ තරගයක් ද ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා දන්නා නිසාය.

 

එමෙන්ම එක්තරා දං විශේෂයක් පොකුරු පිටින් එම ගසේ ඉදී තිබිනි. කෘෂිකර්ම අමාත්‍යවරයා එම පොකුරකින් ගෙඩියක් කඩා ගත් විට අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ මහින්ද ඕක කන්ඩ එපා. මොකද තවමත් අපි ඔය දං ගැන දන්නේ නැහැ.ඒ නිසා බයයි. කියායි.

 

එවිට ඊට පිළිතුරු දුන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේකෙන් ගෙඩියක් අරයට දුන්නා නම් තමයි හරි කියායි.

මේ අරයා වෙන කවුරුවත් නොව මේ දිනවල මහත් ආන්දෝලනයට ලක්ව සිටින පිස්සු නටන කෙනෙකි.

 

රංජිත් සියඹලාපිටිය මහතා ඊට මහ හඩින් සිනාසුනේය.    


Last Updated on සිකුරාදා, 12 ඔක්තෝබර් 2018 07:10

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය