English (UK)SinhalaSriLankaTamilIndia


දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලුණු වගා කරන ගොවීන්ට අවශ්‍ය ලොකු ලුණු බීජ දඹුල්ලේ ම නිපදවීමේ වැඩපිළිවෙලක් අරඹයි.

 

අප රටට අවශ්‍ය ලොකු ලුණූවලින් 25%ක් සපයන්නේ දඹුල්ල ප්‍රදේශයේ ගොවීන් විසිනි. නමුත් මෙතෙක් ඔවුන් මුහුණ දී සිටි බරපතල ගැටළුවක් වුයේ ඔවුන්ට අවශ්‍ය ලොකු ලුණු බීජ පහසුවෙන් ලබා ගැනීමට හැකි වැඩ පිළිවෙලක් නොතිබීමයි.

 

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය විසින් ලොකු ලුණු බීජ ගබඩා නියමු ව්‍යාපෘතියක් දඹුල්ල දිගම්පතන ප්‍රදේශයේ ආරම්භ කර ඇත. එම ගබඩා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් පසුගියදා විවෘත කරනු ලැබීය.

 

දිගම්පතන පිහිටුවා ඇති මෙම ගබඩා සංකීර්ණයේ එක් ගබඩාවක් සඳහා වැය කර ඇති මුදල රු.ලක්ෂ දොළහකි. ප්‍රතිලාභී 15 කට එක් ගබඩාවකින් ප්‍රතිලාභ හිමි වන අතර ලුණු බීජ කිලෝ ග්‍රෑම් 200ක් එක් ගබඩාවක නිෂ්පාදනය කළ හැකිය. මෙවැනි ගබඩා 150ක් පිහිටු වීමට යෝජිත අතර එමඟින් රටට අවශ්‍ය සමස්ත බීජ ලුණු ප්‍රමාණය නිපදවා ගැනීම ඉලක්කයයි.

 

දඹූල්ලේ බීජ ලුණු වගාව සඳහා උචිත පරිදි සකස් කර ගැනීමට ඒවා වසන්තීකරණය නැතහොත් සිසිල් ගබඩාවල තැන්පත් කිරීම මින් පෙර සිදු කරන ලද්දේ නුවරඑළියේ ය.නමුත් මෙම ගබඩා සියල්ල වායු සමීකරණය කර ඇති බැවින් එම බීජ නුවරඑළියට යැවීමට අවශ්‍ය නොවේ.

 

මෙම ලුණු බීජ සකස් කර ගැනීමට අවශ්‍ය යන්ත්‍ර කිහිපයක් ද, අමාත්‍යවරයා විසින් ගොවීන් වෙත භාර දුන්නේය. එම අවස්ථාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.


Last Updated on සිකුරාදා, 12 ඔක්තෝබර් 2018 07:07

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය