English (UK)SinhalaSriLankaTamilIndia


සියළුම ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට (11) විවෘත කිරීමට කොවිඩ් වැළැක්වීමේ කාර්යසාධක බලකාය අවසර ලබා දී තිබේ.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් වැළැක්වීමේ කාර්යසාධක බලකා රැස්වීමේ දී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරන ලද ඉල්ලිමකට අනුව මෙම අවස්ථාව ලැබි තිබේ. ඒ අනුව ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට සහ පාරිභෝගික අවශ්‍යතා සපුරා ගැනිමට හැකිවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහන් කළේය. මෙම අවස්ථාවේ ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු රුගෙන එන ව්‍යාපාරිකයින් හා ඒවා මිලදි ගැනීමට එන ව්‍යාපාරිකයින් හා පාරිභෝගික ජනතාවට මෙම ලැබුණු අවස්ථාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මැනවින් කළමනාකරණය කරන ලෙස ද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

 

ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු හා ආහාර ද්‍රව්‍ය දිසාපතිවරු හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ ගම් මට්ටමින් බෙදා හැරීමේ ක්‍රමවේදයක් ද සකස් කර ඇති බව අමාත්‍යවරයා කීවේය.


Last Updated on බදාදා, 15 සැප්තැම්බර් 2021 07:28

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය