English (UK)SinhalaSriLankaTamilIndia


මහ කන්නයට පැරෂුට් තැටි අඩු මිලට දෙන්න සාකච්ඡා

එළඹෙන මහ කන්නයේ මහ වාරි ක්‍රමය යටතේ වී වගා කරන ගොවීන්ට අවශ්‍ය පැරෂුට් තැටි අඩු මිළකට ලබා දීමට ඇති හැකියාව සම්බන්ධයෙන් එම තැටි නිෂ්පාදනය කරන මෙරට කර්මාන්තකරුවන් සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙරේදා (3) සාකච්ඡා කෙළේය. මේවන විට වෙළඳපොලේ ඇති පැරෂුට් තැටියක මිළ රුපියල් 47/= ක් පමණවන බැවින් එම මිළ අඩුකර ගොවීන්ට අවශ්‍ය පැරෂුට් තැටි අඩු මිළකට ලබා දීමට කටයුතු කරන ලෙසද ඒ සදහා රජයෙන් අවශ්‍ය ඕනෑම සහයක් එම නිෂ්පාදකයින්ට ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී සදහන් කෙළේය.

 

මේ අතර පැරෂුට් තැටි ආනයනය කිරිමේදී අය කරන බද්ද අඩු කිරීමට හෝ ඉවත් කීරිමට පියවර ගන්නැයි අමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන්ද ඉල්ලා සිටියේය.

 

මහ වාරි ක්‍රමය යටතේ ගොවිතැන් කරන ගොවීන්ට මෙවර මහ කන්නයට දින 30ක් ජලය සැපයිමට තිරණය කර ඇති නිසා කුඹුරුවල වල් ජලයට යට කර මර්ධනය කිරිමට හා එම කුඹුරුවල පැරෂුට් තැටි ආධාරයෙන් වී වගා කීරිමටත් ගොවීන් වැඩි උනන්දුවෙන් සිටින බැවින් මහ කන්නයට පැරෂුට් තැටි මිලියන 2කට වැඩියෙන් අවශ්‍ය බව හෙලි වී තිබේ. එක් කුඹුරු අක්කරයකට පමණක් පැරෂුට් තැටි 350 - 400 අතර ප්‍රමාණයක් අවශ්‍යවේ. මෙම ප්‍රමාණයෙන් වෙළඳපොලේ පවතින මිළට පැරෂුට් තැටි මිළදී ගැනීමට ගොවින්ට විශාල මුදලක් වැය වන බැවින් අඩු මුදලකට ගොවීන්ට මෙම තැටි ලබා දිම සදහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට හැකියාවක් ඇත්ද යන්න පිළිබදව සොයාබලා තමන් දනුවත් කරන ලෙස ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයාටද අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ.

 


Last Updated on සදුදා, 13 සැප්තැම්බර් 2021 06:35

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය