English (UK)SinhalaSriLankaTamilIndia


කාබනික පොහොර නිෂ්පාදනයට එක් ගොවිජන සේවා මධ්‍යස්ථානයකට රු.ලක්ෂ 10ක්

දිවයින පුරා පිහිටි සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකම කාබනික පොහොර මෙට්‍රික් ටොන් 100 බැගින් නිෂ්පාදනය කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. මේ සඳහා එක් ගොවිජන සේවා මධ්‍යස්ථානයකට රු. ලක්ෂ 10 බැගින් මුදල් වෙන්කර දී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ අතර ගොවීන්ට අවශ්‍ය කාබනික නයිට්‍රජන් සහ පොටෑසියම් මේ වනවිටත් ආනයනය කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා සෑම ගොවියෙකුටම එම පොහොර නොමිලේ ලබාදෙන බවද සඳහන් කළේය. එමෙන්ම දැනට කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ලියාපදිංචි වී ඇති ගොවීන්ට මේ මස 15 වැනිදාට පෙර රු. 7500ක මූලික ගෙවීම ගෙවා නිම කළයුතු බවටද අමාත්‍යවරයා ගොවිජන නිලධාරීන්ට උපදෙස් දුන්නේය. වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා වී ගොවිතැන සඳහා අවශ්‍ය සම්පූර්ණ කාබනික පොහොර ඒ ඒ ගොවිජන සේවා මධ්‍යස්ථානවල මෙහෙයවීමෙන් නිෂ්පාදනය කර ගත යුතු බවද අවධාරණය කළේය.


Last Updated on සිකුරාදා, 03 සැප්තැම්බර් 2021 10:36

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය