කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවනු ලබන අර්තාපල්,මිරිස්,ලූනු,වී,බඩඉරිඟු,ඇතුළු බෝග 16ක් අප රට තුළ නිෂ්පාදනය කිරීම පිළිබඳ මාධ්‍ය හමුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.02.16 දින පෙ.ව.10.00ට කෘෂිකර්ම අමාත්යාංශයේදෙවන මහලේ පිහිටි ශ්‍රවනාගාරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.එහිදී මෙරට තුළ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවමින්,ආනයනය සීමා කිරීම සඳහා රජය විසින් ක්‍රියාවට නඟන වැඩපිළිවෙල සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමට නියමිතය. ඒ සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ, මාධ්‍ය කණ්ඩායමක් සහභාගී කරවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙම මාධ්‍ය හමුව සාර්ථක කර ගැනීමටත්, අප අමාත්‍යාංශයේ වැඩපිළිවෙල හා විවිධ කරුණු පිළිබඳව ඔබ ආයතනයෙන් ප්‍රචාරයන් ලබා දෙමින් දක්වන සහයෝගයටත් කෘතඥතාව පළ කරමි.