English (UK)SinhalaSriLankaTamilIndia


දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය තුළ පිහිටි පරිසර හිතකාමි කෘෂි තාක්ෂණ උද්‍යානය රටට ඵලදායි ලෙස නගා සිටුවීමට පියවර

  • බස්නාහිර පළාතේ ඇති එකම අංග සම්පූර්ණ පරිසර හිතකාමි කෘෂි ආදර්ශ උද්‍යානය.
  • අක්කර 15 ක භූමියේ සියලු වගාවන් කාබනික පොහොර භාවිතයෙන්.
  • ක්‍රීඩාංගනයේ අලංකරණය,කෘෂි අධ්‍යාපනික කටයුතු,ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික ආතතියට අවශ්‍ය ප්‍රායෝගික ක්‍රියාකාරකම්,දේශීය දේ නිෂ්පාදනය ආදි අරමුණු රැසක් එකම භූමියක.

          

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ජාත්යන්තර ක්රීඩා සංකීර්ණය තුළ පිහිටි අක්කර 15 පරිසර හිතකාමි කෘෂි තාක්ෂණික උද්‍යානය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිරීක්ෂණය කළේය.2011 වසරේ ආරම්භ වූ බස්නාහිර පළාතේ පිහිටි අංග සම්පූර්ණ ආදර්ශ උද්‍යානය ගොඩනැගීමට නොව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බවත්,රටට වටිනා සම්පතක් අද වන විට විනාශයට යමින් පවතින බවත්, එහි නිලධාරීන් හා සේවක පිරිස් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට මෙහිදි ප්‍රකාශ කළේය.මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය හා එකට බැුනු වැඩසටහනක් ලෙස මෙම උද්‍යානය ආරම්භ කොට තිබේ.මුළු උද්‍යානයම කාබනික පොහොර භාවිතයෙන් මෙරට ඕනෑම වගාවක් සිදුකළ හැකි බවට වූ ආදර්ශය සපයයි. වසවිස නැති ආහාර ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ක්‍රීඩාවන්ට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දීම,ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික සුවතාවය සහා උද්‍යානය යොදා ගැනීම දේශීය වගාවන් තුළින් ආදර්ශමත් රටක් නිර්මාණය කිරීම සහ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ අලංකරනය යන අරමුණු රැසක් මුල් කරගනිමින් මෙම ආදර්ශ උද්‍යානය ආරම්භ කෙරිණි.දේශිය අල වර්ග,උඩරට පහතරට බොහෝ එළවළු පලතුරු,කුරක්කන්,මෙනේරි,තල,මුං,බඩ ඉරිඟු,ඇතුළු ධාන්‍ය වර්ග සියල්ල මෙම උද්‍යානය තුළ කාබනික පොහොර භාවිතයෙන් වගාකොට ඇත.දේශිය ඖෂධ වර්ග 150 කින් යුත් ඖෂධ උයනක්ද උද්‍යානය තුළ පවති.එසේම ගව,එළු,බැටළු ආදි සත්ව නිෂ්පාදනද මෙම උද්‍යානය තුළ ආරම්භයේදි සිදුවුවත් මේ වන විට මුළුමනින් නතර වී තිබේ.මේ වන විට නිලධාරින් දෙදෙනෙකු කම්කරුවන් 7ක් සහ එක් මුරකරුවෙකු තුළින් මුළු උද්‍යානයේම කටයුතු සිදු කිරීමට වීමත් ගැටලු රැසක් නිර්මාණය කර ඇතිබව උද්‍යාන භාරකරු කෘෂිකර්ම උපදේශක ගාමිණි වික්‍රමතිලක මහතා අමාත්‍යවරයාට නිරීක්ෂණ චාරිකාවකදි පැහැදිලි කළේය.

 

දැනට උද්‍යානයේ භාරකාරිත්වය පිළිබඳව ගැටළුවක් ඇතිබවත් එය කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට පවරා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එහි නිලධාරින් අමාත්‍යවරයාගෙන් මෙහිදි ඉල්ලා සිටියේ ය.ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ අදාළ නිලධාරීන් සම සාකච්ඡා කොට පවරා ගැනීමේ කටයුතු නිරාකරණය කිරීමටත් උද්‍යානය ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිපාදන හා පහසුකම් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී එකත්වය පළකළේය.ආරම්භක අවධියේ ක්‍රීඩාංගනය තුළ වූ හමුදා කවුරේ කොටසකට අවශ්‍ය භයෝ ගෑස් උද්‍යානයේ ගව ගාලෙන් නිපදවූ බවත් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 4ක් උද්‍යාන තුළ නිෂ්පාදනය කරන බවත් ස්ථාන භාර නිලධාරි ගාමිණි වික්‍රමතිලක මහතා අමාත්‍යවරයාට කියා සිටියේය. මෙහි මෙතෙක් ලැබුනු ආදායම් මහා බණ්ඩාගාරයට ලබා දී තිබේ.

 

කාබනික පොහොර මෙන්ම දේශිය කෘෂි ක්‍රම හා නවීන තාක්ෂණය සියල්ලෙන් පොහොසත් මෙම උද්‍යානය රටට වැඩදායි ලෙස කෘෂි අධ්‍යාපනික වැඩසටහන් සහා යෙදවීමට පියවරගන්නා බවද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොරොන්දු විය.අපනයන බෝග රැසක්ද දියගම පරිසර හිතකාමි කෘෂි තාක්ෂණ උද්‍යානයේ වගාකර ඇත.

 

වෙමින් පවතින දේශිය ආහාර වර්ග,දේශිය ශාක,දේශිය කොළ වර්ග,දේශිය අල වර්ග රැසක්ද මතු පරපුර වෙනුවෙන් රැක ගැනීමට දියගම පරිසර හිතකාමි උද්‍යානය සමත්ව ඇති අයුරු දැක ගැනීමට හැකිය.හරිතාගාර 2ක් ද උද්‍යාන තුළ ඉදිකර ඇති අතර ඒවා ද ප්‍රතිපාදන හා නිලධාරීන් හා සේවක හිය නිසා අද ක්‍රියාත්මක නොවන බව මෙහිදි අනාවරණය විය.කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විදේශ ආධාර ව්‍යාපෘතියකින් හෝ වෙනත් ක්‍රමවේදයකින් උද්‍යානය ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදි ප්‍රකාශ කළේය.මේ පිළිබ සොයාබලා අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර ඩබ්.එම්.ඩබ්.වීරකොන් මහතාට අමාත්‍යවරයා ඒ මොහොතේම උපදෙස් දුන්නේය.ගන්නෝරුව සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ හිරාන් පීරිස් පැළැටි වෛරස් හුනාගැනීමේ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය වින්ද්‍යා බස්නායක සහ මහත්ම මහත්මින්ද මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගි විය.

 

 

 

සුජිත් විතානපතිරණ

ගරු කෘෂිකර්ම අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්

 

 


Last Updated on අඟහරුවාදා, 12 ජනවාරි 2021 10:33

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය