01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ආසියා ශාන්තිකර කලාපයේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානය (CIRDAP) මෙහෙයුම් කවුන්සලය හා (Governing Council ) හා විධායක කමිටු රැස්වීම (Executive Committee) සංවිධානය කොට පැවැත්වීම

ආසියා හා ශාන්තිකර කලාපයේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානය(CIRDAP) 1979 දී ස්ථාපිත කරන ලද කලාපීය රටවල අන්තර්ජාතික සංවිධානයකි. මෙහි මූලස්ථානය බංගලාදේශයේ පිහිටුවා ඇති අතර කලාපීය රටවල් 15ක් එහි සාමාජිකත්වය දරයි. ඒවා නම් ඇෆ්ගනිස්තානය, බංගලාදේශය, ෆීජිදූපත්, ඉන්දියාව, ඉනිදුනීසියාව, ඉරානය, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, නේපාලය, පකිස්ථානය, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිලන්තය හා වියට්නාමයයි.1980 දී ශ්‍රී ලංකාව එහි සාමාජිකත්වය ලබා ගත් අතර මේ වන තෙක් එහි ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කර ගෙන යනු ලැබේ.

මෙම සංවිධානයේ සාමාජිකත්වය දැරීම තුලින් ආසියා ශාන්තිකර කලාපයේ රටවල් අතර ජාල සම්බන්ධීකරණයක් ඇති කර ගැනීමෙන් එම රටවල්වල විවිධ ආයතන හා සංවර්ධන හවුල්කාරීත්වයන් වෙත ප්‍රවේශ වීමට අවස්ථා ලබා ගැනීමත්, ග්‍රාමීය සංවර්ධනයට අදාල පොදු කාරණා වලදි සාමාජික රටවලට ප්‍රතිපත්ති තීරණ ගැනීමට අවස්ථාව සලසා දීමත්, CIRDAP සාමාජික රටවල්වල ග්‍රාමීය සංවර්ධන අවශ්‍යතාවන් පිළිබඳ බාහිර සංවර්ධන සහකරුවන්ගේ උදවු ලබා ගැනීමටත් හැකිවනු ඇත. මීට අමතරව සංවර්ධන හවුල්කරුවන් සම්බන්ධ කරමින් යහපත් පිලිවෙත් සහ නව නිපැයුම් ලඟාකර ගැනීමටත්, යහපත් පිලිවෙත් සහිත නව සොයාගැනීම් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමටත්, ග්‍රාමීය සංවර්ධනයට අදාල පර්යේෂණවල හවුල්කරුවන් වීමටත් අවස්ථාව සැලසේ.

CIRDAP ආයතනයේ මෙහෙයුම් කවුන්සිලය හා විධායක කමිටු රැස්විම (Governing Council and Executive Committee Meeting) වර්ෂ 2කට වරක් පවත්වන අතර ඒ සඳහා අවස්ථාව සලසා දෙනුයේ ඉංග්‍රීසි අකාරාදී පිළිවෙලටය. ඒ අනුව 2017 වර්ෂයේදී පිලිපීනයේ පැවැත්වූ මෙහෙයුම් කවුන්සිල රැස්වීමේදී 2019 වර්ෂයේ මීළඟ රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනා කර ඇත.

CIRDAP ආයතනයේ මහ ලේකම් (Secretary General) ශ්‍රි ලංකාවට පැමිණ ගරු කෘෂිකර්ම ඇමතිතුමන් කරන ලද ඉල්ලීම හා පසුව සිදුකරන ලද සාකච්ඡා වලින් පසුව ඉහත රැස්වීම් දෙක ශ්‍රි ලංකාවේ පැවැත්වීමට තීරණය කරන ලදි. ඒ අනුව එම රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා අවශ්‍ය අමාත්‍යමණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයු තු කරන ලදි.

මෙම මෙහෙයුම් කවුන්සිලය සඳහා සාමාජික රටවල කෘෂිකර්ම විෂයභාර ගරු ඇමතිවරුන් සහ විධායක කමිටු රැස්වීම සඳහා මෙම විෂයට අදාළ ඉහළ මට්ටමේ නිලධාරින් සහභාගී වීමට නියමිතය. ඒ අනුව විධායක කමිටු රැස්වීම 2019 ඔක්තෝම්බර් මස 8-9 දිනවලත් මෙහෙයුම් කවුන්සිලය 2019 ඔක්තෝම්බර් 11 දිනයේත් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

සාමාජික රටවල් 15 හි කෘෂිකර්ම ඇමතිවරු සහභාගීවීමට නියමිත CIRDAP ආයතනයේ මෙහෙයුම් කවුන්සිලයේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා සහභාගි වන ලෙස අතිගරු ජනාධිපතිතුමාට ආරාධනය කර ඇත. 2019 ඔක්තෝබර් 08 වන දින පැවැත්වෙන විධායක කමිටු රැස්වීම ප්‍රධාන ආරාධිතයා ලෙස ගරු කෘෂිකර්ම ඇමතිතුමාට සහභාගි වන ලෙස ආරාධනා කර ඇත.


Last Updated on සදුදා, 07 ඔක්තෝබර් 2019 08:45

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය