01

   
English (UK)SinhalaSriLankaTamilIndia


සේනා දළඹුවා මේ වන විට යම් තාක් දුරට පාලනයක් වගේම මර්ධනයක් ඇති වෙලා තිබෙනවා යැයි කෘෂිකර්ම අමාත්‍යය පී හැරිසන් මහතා පැවසීය.

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරී මාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යය පී හැරිසන් මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ මහ ඉලුප්පල්ලම ක්ෂ්‍රේත්‍ර භෝග හා පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

අමාත්‍යය පී හැරිසන් මහතා අද (02) කෘෂිකර්ම අමාත්‍යංශයට අදාළ අනුරාධපුර මහඉලුප්පල්ලම ක්ෂ්‍රේත්‍ර භෝග හා පර්යේෂණ ආයතනයේ හා එප්පාවල පිහිටි ලංකා රාජ්‍යය පොස්පේට් ආයතනයේ නිරීක්ෂණ චාරිකාවන් හී නිරත වූ අතර එම ආයතනයන් මගින් සිදු කරන කාර්යන් නිරීක්ෂණය කර සේවක හමුවක්ද පැවැත්වීය.

අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යයතුමන් කියා සිටියේ,

සේනා දළඹුවා මේ වන විට යම් තාක් දුරට පාලනයක් වගේම මර්ධනයක් ඇති වෙලා තිබෙනවා, දැනට අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව අපිට ඒ සඳහා අවශ්‍ය පෙළගැසීම දැන් සිදු වෙලා තියෙනවා.විශේෂයෙන්ම මාධ්‍ය ආයතන වලට ස්තූති කරන්න ඕන මාධ්‍ය ආයතන ලබා දුන් සහයට, ඒ වගේම සියළුම රාජ්‍යය නිළධාරීන්, අපේ අමාත්‍යංශ ලේකම්තුමා ඇතුළු කෘෂිකර්ම අමාත්‍යංශයේ සියළුම නිළධාරී මහත්ම මහත්මීන් ලබා දුන් සහය වගේම ගොවි මහතුන් අපිට ලබා දුන් සහයෝගය සුළුකොට සලකන්න නරකයි.ඒ අයගේ ලොකු උනන්දුවක් තිබුණා මේ දළඹුවා පාලනය කර ගන්නට, මේ දළඹුවා ව්‍යාප්ත වුණ ප්‍රදේශ හදුනා ගැනීම්, අලුත් පර්යේෂණ වලට දේශිය වෛද්‍යවරුන්, පරිසරවේදීන් අපිට පූර්ණ සහයෝගයක් ලබා දුන්නා.ඒ සියළු දෙනාටම ස්තූති කරනවා.එහි ප්‍රථිපලයක් ලෙස සේනා දළඹුවා යම් තාක් දුරට පාලනය කර ගන්නට හැකි වෙලා තියෙනවා.

දේශීය අත්බෙහෙත් වලට අපි තැනක් දුන්නේ නෑ කියන චෝදනවා මම ප්‍රතික්ෂේප කරනවා, දැනටමත් විවිධ ගම්මාන වලින් සොයා ගත් බෙහෙත් වර්ග 08 ක් මේ මහඉලුප්පලම පර්යේෂණාගාරයේ පරීක්ෂණ මට්ටමේ තියෙනවා.සොයාගත්ත දෙයක් අපි එළියට දානවා නම් ඒපර්යේෂණයේ සත්‍යතාවයක් තිබිය යුතුයි, එහෙම වුණොත් තමයි අපිට මේ සත්‍යභාවය අනුව කටයුතු කරන්න වෙන්නේ.එහෙම නැතිව ගොවීන් හා රටට හදුන්වලා දීලා ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ සම්බන්ධ වගකීමත් රජයට එනවා.

මේ රටට බීජ ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ, ගොවීන් බලන්නේ ක්ෂණික අස්වැන්නක්.ඒ අය බලාපොරොත්තු වෙනවා වෙනවා දෙමුහුන් වර්ගයේ බීජ රෝපනය කරලා වැඩි අස්වැන්නක් ලබලා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ලාභදායි කියන මතයේ ඉඳන් කටයුතු කරනවා.නමුත් අපි මේ වගේ පර්යේෂණ ආයතනයක් ලෙස බලනවා පුළුවන් තරම් දුරට රටට ගැලපෙන ප්‍රදේශයට ගැලපෙන විදිහේ වැඩකටයුත්තක් ඉස්සරහට කරන්න.

අතිගරු ජනාධිපතිතුමත්, අග්‍රඅමාත්‍යතුමත් කෘෂිකර්මයට විශාල ආයෝජනයක් කරලා තියෙනවා, පොහොර සහනාධාරය වෙනුවෙන් බිලියන 36 ක් විතර වෙන් කරලා තියෙනවා.මේ දවස් වල ලොකුම කථාව තියෙන්නේ සේනා දළඹුවා ගැනනේ, සේනා දළඹුවා බඩඉරඟුත් කාලා, රටත් කාලා අපිත් කනවා.සමහරු අහනවා දළඹුවා ආවේ ඇට වලින්ද කියලා, සමහරු අහනවා විද්‍යාගාරයක් තුළ හදලා මේක එළියට දැම්මද කියලා.මගේ මිත්‍ර විමල් වීරවංශ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේදී මගෙන් ඇහුවා මේ දළඹුවා කොහොමද පියාඹාගෙන ආවේ කියලා.මේ මනුස්සයා දළඹුවා දන්නේ නෑ- සලබයා දන්නේ නෑ, හැබැයි බහුශුතයා , හැමදෙයක්ම දන්න මිනිහා.එතනදී හරි බලනවා මේකේ පොඩි කොනක් අල්ලා ගන්න පුළුවන්ද කියලා.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, අපේ අමාත්‍යංශයේ ලේකම්තුමාගේ ඉඳලා ඉන්න සියලු දෙනාම මේ රටට ආදරේ අය ඉන්නේ, සමහරු හිතනවා මේ අය මේ යක්කු විදිහට බලන්නේ, මේ කෘෂිකර්මය කෑවේ මේ නිළධාරී කියලා කියනවා.සමහරු මාධ්‍ය ඉස්සරහට ගිහින් කියනවා මේ අය කිසි දෙයක් කරලා නෑ කියලා.මේ අමාත්‍යංශයේ නිළධාරීන් උනන්දු වුණ නිසා තමයි සේනා දළඹුවාගේ වර්ධනය මේ තරම් දුරටවත් පාලනය කර ගත්තේ, ඒ අය විශාල මහන්සියක් වුණා ගොවියාගේ ගොවිතැන ආරක්ෂා කරන්න.ඒ නිසා අපිට පුළුවන් වුණා මාස 2-3 ක් වගේ කාළයක් තුළ දළඹුවා පාලනය කර ගන්න.

සේනා දළඹුවාගෙන් පූර්ණ හානි වුණ හැමෝටම වන්දි ගෙවන්න අපි ලෑස්ති කරලා තියෙනවා, දැන් අහයි අර්ධ හානි වලට ගෙවන් නැද්ද කියලා අහයි.ඒ හානි දැනට තක්සේුර කරනවා.ඒ වගේම අතිගරු ජනාධිපතිතුමන් අපිට නියෝග කරලා තියෙනවා සතිපතා වෙනම කාර්යසාධක බලකායක් හැටියට එකතු වෙලා මේ දළඹුවා මර්ධනයට ගත හැකි සියළු ක්‍රියාමාර්ගයන් පිළිබඳ වාර්ථාවක් ඉල්ලා තියෙනවා.ඒ වගේම ලංකාවේ සියලු විශ්ව විද්‍යාල වල සිටින මහාචාර්ය-ආචර්යවරුන් -විශ්ව විද්‍යාල සිසුන්, කෘෂිකර්ම අමාත්‍යංශයට අදාළ සියලු ආයතන, ගොවිමහතුන්ගේ විශාල සහයක් අපිට ලැබුණා.මාධ්‍ය ආයතන මගින් ලබා දුන් ප්‍රචාරය නිසා අපිට පුළුවන් වුණා දළඹුවා පිළිබඳ ජනතාව දැනුවත් කර වගාවන් ආරක්ෂා කරගන්න.ස්වාභාවික ක්‍රම හරහා දේශිය වශයෙන් බෙහෙත් වර්ග සොයා ගෙන තමන්ට හැකි අයුරින් දායකත්වය ලබා දුන්නා මේ දළඹුවා මර්ධනයට.

අපි හමුවේ දළඹුවා වගේම අපි හමුවේ ප්‍රශ්නයක් තියෙනවා, ගොවීන්ගේ නිෂ්පාදන වලට හොඳ මිලක් ලබා දෙමින් ගොවියා ආරක්ෂා කිරීමට අපි වැඩපිළිවෙල සකස් කරනවා යනුවෙන් පැවසීය.

එහිදී වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යයතුමන්,

ජාතික ආණ්ඩුව අපිට අලුත් දෙයක් නෙමෙයි ඉස්සරලා ඉඳන් කරගෙන ගියපු දෙයක්, ජාතික ආණ්ඩුවක් එන එක මම නම් හිතන්නේ නෑ වරදක් තියෙනවා කියලා.අපි ඔක්කොම එකතු වෙලා ජාතික ආණ්ඩුවක් හැදුවේ රට හදන්නනේ, ඒක නිසා ඒ ක්‍රියාදාමය ඉස්සරහට ගියාට කිසි ගැටලුවක් නෑ, මේ ජාතික ආණ්ඩුවට ඕනම පක්ෂයකට සහභාගී වෙන්න පුළුවන්.ඒකට බාධාවක්.මේ කාර්යය සම්බන්ධයෙන් දැනට සමහර තැන් වල සාකච්ජා පැවැත්වෙනවා.අපි ජාතික ආණ්ඩුව හැදුවේ 2015 දී යම් යම් ප්‍රශ්න ඇවිත් තිබුණා, දැන් අපි ඒවා සමතයකට පත් කරගෙන ඉස්සරහට යන්න ලෑස්තියි.පසුපෙළ මන්ත්‍රීන් ෂේප් කර ගන්න නෙමෙයි මේක කරන්නේ, අපි හැමෝම එකා වාගේ අපිට අභියෝග ආව අවස්ථා වලදී අපි ඔක්කෝම එකා වගේ මුහුණ දුන්නා ඒ ප්‍රශ්න ඕක්කෝටම.

තාම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා නෑ, ඒ නිසා ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළාම කියන්නම් කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා, අපි ජනාධිපති මැතිවරණයට සූදානම් ඒ ගැන කළබල වෙන්න දෙයක් නෑ, වෙලාවට ඒ අපේක්ෂකයා කවුද කියලා කියන්නම්.

අලුත් ව්‍යවස්ථාවක් ගැන කථා කළාට එහෙම ව්‍යවස්ථාවක් ඇවිත් නෑ, යෝජනාවලියක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා, මේ යෝජනාවලියට කවුරු හරි විරුද්ධ නම් ඒ යෝජනවලිය බහුතරයකින් ප්‍රතික්ෂේප කරන්න පුලුවන්.ඒ නිසා මේකට කළබල වෙන්න දෙයක් නෑ, මේ යෝජනාවලියට යම් කරුණු එකතු කරන්න ඕන නම් ඕනම පක්ෂයකට පුළුවන් කරුණු එකතු කරන්න, අනවශ්‍යය දේවල් තියෙනවා නම්   පාර්ලිමේන්තුවේ රැස් වෙලා මේවා අනවශ්‍යය දේවල් කියලා ප්‍රථික්ෂේප කරන්නත් පුලුවන්.මේ යෝජනාවලිය කෙටුම්පතක් විදිහට ආවට පස්සේ පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තුවේ 2/3 කින් සම්මත වෙන්න ඕන, ඒ සම්මත වෙලා ඊට පස්සේ ශේෂ්ඨාධිකරණයෙන් මේ කෙටුම්පත අනුමත කරලා දෙන්න ඕන.එතනින් පස්සේ මහජනතාව අතරට ගිහින් ජනමත විචාරණයක් තියලා තමයි මේ යෝජනාවලි මාලාව ව්‍යවස්ථාවක් බවට පත් වෙන්නේ.එහෙම නැතිව මේ ව්‍යවස්ථා බිල්ලෙක් මවලා රටට හානියක් කරන්න, රට කඩන්න, රටට විනාශයක් කරන්න හදනවා කියලා විවිධ මත ගෙනියනවා.අපි අවුරුදු 30 ක් යුද්ධයෙන් බැට කාපූ මිනිස්සු , යුද්ධයක් ඇති වුණ කාරණය සම්බන්ධයෙන් අපි හොයලා බලන්න ඕන.දැනටමත් උතුරේ දෙමළ පක්ෂ , පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන සියලු පක්ෂ රට කඩන්නේ නැතිව ඒකීය රජයක් යටතේ බුද්ධාගමට මුල් තැන දීලා කටයුතු කරන්න එකඟ වෙලා තියෙනවා.තව අඩුපාඩු තියෙනවා නම් අපි ඒවත් යෝජනා කරලා හැමෝටම ගැලපෙන විදිහේ ව්‍යවස්ථාවක් සෑදිය යුතුයි.ඒකට හොඳම අවස්ථාව මේක.මම දකින්නේ පාර්ලිමේන්තුවේ බහුතරයක් තියෙන, 2/3 ක බලයක් තියෙන පක්ෂයක් බිහි වුණ දවසට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආවොත් ඒ පක්ෂයේ මතය විතරයි ක්‍රියාත්මක වෙන්නේ.නමුත් අද එහෙම නෙමෙයි පාර්ලිමේන්තුවේ බහුතරයක් කාටවත් නෑ, ඒ නිසා හැමෝගෙම -අදහස් උදහස් වලට කන් දෙන්න වෙනවා.ඒ සියලු දෙනා සාකච්ජා කරලා රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදන්න හොඳම අවස්ථාව මේ අවස්ථාව.ඒ නිසා මේ අවස්ථාවෙන් හැමෝම ප්‍රයෝජනයක් ගත්තොත් හොඳයි කියන එකයි මගේ පෞද්ගලික අදහස.

රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉවත් කිරීමෙන් ඇති වී තිබෙන අර්බුධය සම්බන්ධයෙන් මට වඩා හොඳට මුදල් ඇමතිතුමාට කථා කෙරුවොත් තොරතුරු දැනගන්න පුළුවන්.

ඇමරිකාවත් එක්ක ආණ්ඩුව ගිවිසුම් ගත වෙලා ඇමරිකාණු යුධ හමුදා කඳවුරක් ස්ථාපිත කරන්න යනවාලු කියලා වලු කථා කියනවා.හැබැයි මම නම් දැකලා නෑ එහෙම ගිවිසුමක් තියෙනවාද කියලා.අපිට එහෙම ගිවිසුමක් අවශ්‍යය වෙන්නෙත් නෑ, අපිට ශක්තිමත් හමුදාවක් ඉන්නවා රටේ ආරක්ෂාවට.ඒ ආරක්ෂාව ඇති.ඇමරිකාවේ හමුදාවේ කවුරු හරි ඇවිත් යන්න එන්න ඇති, අපිට සංචාරය කරන ඒවා තහනම් කරන්න බෑනේ, ඇමරිකාවේ විතරක් නෙමෙයි ලෝකයේ විවිධ රට වල හමුදා නිළධාරීන්, විශේෂඥයින් එනවා ලංකාවට සංචාරක කර්මාන්තය වෙනුවෙන් ආවද, රාජකාරියකට ආවාද, පෞද්ගලික හිතවත්කමකට ආවද අපි දන්නේ නෑ යැයි පැවසීය.

මෙම අවස්ථාවන්ට එම ආයතන වල උසස් නිළධාරීන් හා සේවක සේවිකාවන් එකව සිටියහ.


Last Updated on අඟහරුවාදා, 05 පෙබරවාරි 2019 06:35

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය