Agriculture div banner

   
English (UK)SinhalaSriLankaTamilIndia


සේනා දළඹු මර්දන කාර්ය සාධක බලකායෙහි ප්‍රගතිය විමසයි.

2019.01.16 සිට සේනා දළඹුවා මර්දනය පාලනය සහා මේවන තෙක් අමාත්‍යාංශය මින් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබව සාකච්ඡාවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

සේනා දළඹු මර්දන කාර්ය සාධක බලකාය නියෝජනය කරමින් විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්,කීට විද්‍යායන්,කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම සාකච්ඡා කණ්ඩායම් මේ සහා එක් වූහ.

එහිදී පළාත් මට්ටමින් කෘෂි බෝග සහා සේනා දළඹු ව්‍යවසනය හේතුවෙන් හානීවී ඇති ප්‍රමාණය ඉතා අල්ප වශයෙන් බව පළාත් නිලධාරීන් මෙන්ම ක්ෂේත්‍ර චාරිකාවල නිරත වූ විශ්ව විද්‍යාල සහ සාකච්ඡා කණ්ඩායම් මෙහිදී අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළේය.

බඩඉරිු අස්වැන්නෙහි ශාක පත්‍ර ක සහ බඩඉරිු කරලට දළඹුවා විසින් හානි සිදු කළ ද බඩඉරිු බීජ අස්වැන්නට ඉන් හානියක් ඇති වී නැතැයි විද්වතුන් විසින් මෙහිදී කරුණු අනාවරණය කරන ලදි.

මෙරට සෑම දිස්ත්‍රික්කයකම බඩඉරිු අස්වැන්න නෙලන තෙක් බඩඉරිු ආනයනය නැවැත්වීමටත්, බඩඉරිු කිලෝවක අවම තොග මිල රු.45ක් බවත, දළඹු හානිය යැයි කේවල් කොට බඩඉරිගු අස්වැන්න මිලදි ගනු ලබන ව්‍යාපාරික ආයතන වෙත නීතියෙන් කටයුතු කරන බව මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරුන් වන වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ,මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම ,අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා, කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.ඩබ්.වීරකෝන් මහතා ඇතුළු නිලධාරීන් මේ අවස්ථාවට එක්විණි.


Last Updated on සිකුරාදා, 01 පෙබරවාරි 2019 09:23

සමාජීය

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන,

වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය