English (UK)SinhalaSriLankaTamilIndia


“වැව් දහසක් - ගම් දහසක්” ව්‍යාපෘතිය යටතේ 350 වන වැව ප්‍රතිසංස්කරණ කිරීම.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව දිවයිනේ කුඩා වැව් පද්ධතිය ප්‍රතිසංවර්ධනය කිරිම සඳහාවැව් දහසක් - ගම් දහසක් නමින් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

 

ඒ අනුව නිකවැරටිය මහගිරිල්ල වැව ප්‍රතිසංවර්ධනය කිරීමෙන් ආරම්භ වූ එම ව්‍යාපෘතිය යටතේ මේ වන විට වැව් 349ක් ප්‍රතිසංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත.

 

වැව් දහසක් - ගම් දහසක් ව්‍යාපෘතිය යටතේ 350 වන වැව හා ගම්මානය වශයෙන් තණමල්විල තෙලුල්ල දෙබරආර මැද වැව ප්‍රතිසංවර්ධනය කිරිම 21 දින කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මැතිතුමා අතින් සිදු කෙරේ. ඒ සඳහා වැය කෙරෙන මුදල රු.මි. 4කි.

 

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ශ්‍රි ලංකාවේ කුඩා වැව් පද්ධතිය ප්‍රතිසංවර්ධනය කිරීම සඳහා මෙම වසරේ වැය ‍කෙරෙන මුදල රු.මි 3500ක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මැතිතුමා පවසයි. එම වැව යටතේ ඇති ගම්මාන ප්‍රතිසංවර්ධනය කිරිමේ වැඩපිළිවෙලක් ද අරඹා ඇති අතර වැව් යටතේ ඇති යටිගං සංවර්ධනය ද සිදු කෙරේ.


Last Updated on සිකුරාදා, 19 ඔක්තෝබර් 2018 09:54

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය