English (UK)SinhalaSriLankaTamilIndia


ලෝක ආහාර දිනය නිමිත්තෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය කතෝලික දේවස්ථාන පරිශ්‍රවල පලතුරු පැළ රෝපනය කිරීමේ වැඩපිළිවෙලක් අරඹයි.

 

අද ට (16) යෙදී තිබෙන ලෝක ආහාර දිනය සමරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් කතෝලික ආගමික පරිශ්‍රවල පලතුරු පැළ රෝපණය කිරීමේ වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේය.

 

මෙහි සමාරම්භක අවස්ථාව Caritas Sri Lanka ආයතන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. එම අවස්ථාවට මහේන්ද්‍ර ගුණතිලක පියතුමා - ජාතික අධ්‍යක්ෂ Caritas ආයතනය, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන්, ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති Thorbjorn Gaustadsaether, ඇතුළු කතෝලික පූජකතුමන්ලා රැසක් සහභාගී විය.

 

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා - ශ්‍රී ලංකාවට වාර්ෂිකව පලතුරු මෙ.ටො. 60,000ක් ආනයනය කරන බව කීය. ඒ සඳහා අතිවිශාල මුදලක් විදේශවලට ඇදී යන අතර, අපට අවශ්‍ය පලතුරු අපිම නිපදවීමේ

වැඩපිළිවෙල වර්තමාන රජය විසින් අරඹා ඇතැයි ද කීවේ ය.


Last Updated on අඟහරුවාදා, 16 ඔක්තෝබර් 2018 08:16

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය