English (UK)SinhalaSriLankaTamilIndia


පහතරට ප්‍රදේශවල වැව් සහ වාරි මාර්ග ඇළවල් ගිලගෙන ඇති “ හම්බු පන්”ඉවත් කිරීම සඳහා වහාම වැඩපිළිවෙලක් අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තවට උපදෙස් දෙයි.

 

අප රටේ පහතරට ප්‍රදේශවල වැව් සහ ඇළ මාර්ග රැසක් මේ වන විට හම්බුනැමැති පන් විශේෂය විසින් ගිලගෙන තිබේ.

 

මේ නිසා වැව් සහ ඇළ මාර්ග ගොඩ වීමේ තර්ජනයට මුහුණ දී ඇති අතර ඇති අතර, ඒවායෙහි අවශ්‍ය ජල ධාරිතාව රැස් වන්නේ නැත. එයට හේතුව අඩි 08ක් පමණ උසට ඝනව පැතිරෙන මෙම හම්බු පන් විශේෂය වැව් සහ ඇළ මාර්ග ආක්‍රමණය කරමින් තිබීම නිසාය.

 

හම්බු පන් (Typha Angustifolia) ආක්‍රමණශීලි ශාකයක් වන අතර, කුමන ආකාරයකින්වත් විනාශ කළ නොහැකි පන් විශේෂයකි. මෙම පන්වල හට ගන්නා මල්වල රේණු සුළඟේ පැතිර යාම නිසා අවට ජනතාවට ද මහත් හිරිහැරයක්ව ඇත්තේ, එම රේණු ඇඟ තැවරුණු විට කැසීම මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතාවය ද ඇති වන නිසායි.

 

එම නිසා වැව් සහ ඇළ මාර්ග ආශ්‍රිතව තිබෙන හම්බු පන් ගලවා ඉවත් කිරීමට යන්ත්‍ර යොදවා හෝ පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දෙනු ලැබීය.


Last Updated on සිකුරාදා, 12 ඔක්තෝබර් 2018 08:44

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය