English (UK)SinhalaSriLankaTamilIndia


ලෝක වෙළඳපලේ යූරියා පොහොර මෙ.ටො 01ක මිල ඇමරිකන් ඩොලර් 370 ඉක්මවයි.එහෙත් පොහොර සහනාධාර පැවති මිලටම ලබාදීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දෙයි.

 

ලෝක වෙළපලේ රසායනික පොහොර මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ඊයේ (11) වනවිට යූරියා මෙ.ටො 01ක මිල රු.63,640ක් දක්වා වැඩි වී ඇත. (ඇ.ඩො. 370) මේ සම්බන්ධයෙන් සහ 2018 මහ කන්නයේ හියකින් තොරව ගොවීන් වෙත පොහොර ලබාදීම සහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්විණි. එම සාකච්ඡාවට ලංකා පොහොර සමාගම, කොමර්ෂල් පොහොර සමාගම සහ ජාතික පොහොර ලේකම් කාර්යාලය ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වූ අතර, අමාත්‍යාංශයේ ලේකම් බී. විජයරත්න මහතා ද ඊට සහභාගී විය.

 

ලෝක වෙළපලේ යූරියා පොහොර මිල ඉහළ ගියද, ශ්‍රී ලංකාවේ ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පොහොර ලේකම් කාර්යාලයට උපදෙස් දුන්නේ ය. ඒ අනුව වී වගාව සහා ගොවීන්ට ලබාදෙන යූරියා පොහොර මල්ලක් රු.500ක මුදලකටත්,සෙසු බෝග වගා සහා ලබා දෙන යූරියා පොහොර මල්ලක් රු.1500කට වශයෙන් පැවැති මිලටම ලබා දීමට තීරණය කළේ ය. දැනට කිලෝග්‍රෑම් 50ක යූරියා පොහොර හොණ්ඩරයක් රජය මිලදී ගනු ලබන්නේ රු.3500ක මුදලකටයි. එහෙත් රජය රු.3000ක මුදලක් වී ගොවිතැන සඳහා ලබා දෙන පොහොර සඳහා දරන අතර, සෙසු බෝග සඳහා ලබා දෙන යූරියා පොහොර සඳහා රු.2000 සහනාධාර මුදලක් දරා ගනී.

 

පසුගිය යල කන්නයට වඩා මෙවර මහ කන්නයේ වැඩි කුඹුරු ප්‍රමාණයක් වගා කෙරෙන අතර , ගොවීන්ට කිසිදු හියකින් සහ අපහසුවකින් තොරව ලබා ගැනීමට අවස්ථාව සලසන ලෙසත් , දිනපතා පොහොර අවශ්‍යතාවන් පිළිබව ගොවිජන සංවිධාන සහ ගොවිජන සේවා මධ්‍යස්ථාන අතර සම්බන්ධීකරණය පවත්වාගෙන යාම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් අරඹන්නයැයි ද අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබීය.

 

ජාතික පොහොර ලේකම් කාර්යාලයේ තොරතුරුවලට අනුව, මෙවර මහ කන්නයේ වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 08 කි. ඒ සඳහා අවශ්‍ය යූරියා ප්‍රමාණය මෙ.ටො 2,65,000කි. TSP ප්‍රමාණය මෙ.ටො 65,000කි. MOP ප්‍රමාණය 75,000කි.


Last Updated on සිකුරාදා, 12 ඔක්තෝබර් 2018 08:42

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය