English (UK)SinhalaSriLankaTamilIndia


ශ්‍රී ලංකාවේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට බීජ මිලදී ගැනීමට වැය වන මුදලින් සියයට 50ක් රජයෙන් ගෙවීමටත්, බඩඉරිඟු සඳහා රුපියල් 43ක සහතික මිලක් ලබාදීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගනී.

 

ශ්‍රී ලංකාවේ බඩඉරිඟු වගාව පුළුල් මට්ටමින් ව්‍යාප්ත කිරීම සඳහා ගොවීන් දිරි ගැන්වීමේ විශේෂ වැඩපිළිවෙලක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් අරඹා ඇත.

 

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි බඩඉරිඟු සඳහා සහතික මිලක් නියම කිරීමටත්, ඒ යටතේ දේශීය බඩඉරිඟු ගොවියාගෙන් මිලදී ගන්නා බඩඉරිඟු කිලෝග්‍රෑමයකට රුපියල් 43ක සහතික මිලක් ලබාදීමටත් තීරණය කර ඇත. මීට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරි සති දෙක තුළ ඉදිරිපත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර ඇත.

 

බඩඉරිඟු වගා කරන ගොවීන්ට බීජ මිලදී ගැනීම සඳහා වැය වන මුදලින් 50%ක් රජය විසින් දරන අතර එම මුදල ගොවීන්ට ලබා දීමටත්, රජයේ පොහොර සහනාධාරය යටතේ ලබා දෙන රසායනික පොහොර බඩඉරිඟු ගොවීන්ටත් ලබාදීමට තීරණය කරන ලදි. ඒ අනුව බඩඉරිඟු ගොවීන්ට අවශ්‍ය යූරියා පොහොර හොණ්ඩරයක් රු 1500ක මුදලකට ලබාදීමට කටයුතු යොදා ඇත.

 

බඩඉරිඟු වගා කරන ගොවීන් හට වගා හානියකදී එනම් - වනඅලීන් විසින් සිදු කරන වගා හානි සහ වැස්ස හා නියඟය මඟින් සිදුවන වගා හානියකදී හෙක්ටයාර් 01කට රුපියල් ලක්ෂයක මුදලක් වගාහානි රක්ෂණ වන්දි වශයෙන් ලබාදීමටද කටයුතු යොදා ඇත. නමුත් බඩඉරිඟු ගොවීන්ගෙන් මේ සඳහා කිසිදු රක්ෂණ දායක මුදලක් රජය අය නොකෙරේ.

 

මේ වන විට බඩඉරිඟු ගොවීන් විශාල පිරිසක් වගාවෙන් ඈත්වීම නිසා රටට වාර්ෂිකව අවශ්‍ය වන බඩඉරිඟුවලින් විශාල ප්‍රමාණයක් ආනයනය කරනු ලබයි. පසුගිය වසරේ බඩඉරිඟු මෙ.ටො. 1,64,000ක් මෙරටට ආනයනය කර ඇති අතර, 2018 වසරේදී එය මෙ.ටො. 200,000 දක්වා ඉහළ ගොස් ඇත. එම නිසා ලබන වසරේදී අඩුම තරමින් බඩඉරිඟු මෙ.ටො. 100,000 ක අස්වැන්නක් දැනට නිෂ්පාදිත ප්‍රමාණයට වඩා නිෂ්පාදනය කිරීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි.


Last Updated on සිකුරාදා, 12 ඔක්තෝබර් 2018 08:36

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2012 කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය