දිවයින පුරා කෘෂිකාර්මික තොරතුරු එක්කොට තොරතුරු කලමනාකරණ පද්ධතියක් ( DATA BASE)ස්ථාපනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගනිමින් ඇත.මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ( 2021.01.19 ) හෙට පෙ.ව. 11.00ට කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වේ.කෘෂිකර්මයට අදාල රාජ්‍ය හා පෞද්ගලික අංශවල සියලු තොරතුරු එක්කොට අනාගතයට ගැලපෙන පරිදි නවීන තොරතුරු පද්ධතියක් තුළින් සියලු දෙනාට කෘෂිකර්මයේ තොරතුරු ලබා ගැනීමට මේ තුළින් පහසුකම් සැලසීම අරමුණයි.
මේ සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය කණ්ඩායමක් හෝ මාධ්‍යවේදියෙකු සහභාගී කරවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. කෘෂිකර්මයේ ප්රගමනය වෙනුවෙන් ඔබ මාධ්‍ය ආයතනය ලබා දෙන සහායට කෘතඥතාව පළ කිරීමට කැමැත්තෙමි.
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමේ වැඩපිළිවෙල හෙට ආරම්භ කෙරෙනවා.අම්පාර දිස්ත්‍රික්කයන් හෙට පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන් මිලදී ගැනීමේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට නියමිතයි. මීට සම්බන්ධ රාජ්‍ය යාන්ත්‍රණයේ නිලධාරීන්ගේ හා ගොවි ජනතාවගේ උනන්දුව හා ධෛර්ය වැඩිකරමින් නව වැඩපිළිවෙල මෙසේ ආරම්භ කිරීම සිදු කරනු ලබනවා.පොහොර සහනාධාරය ලබන සෑම ගොවියෙකුගෙන්ම හෙක්ටයාරයකින් වී කිලෝ 1000ක් මෙම වැඩපිළිවෙල තුළින් වී අලෙවි මණ්ඩලය මිලට ගැනීමට පියවර ගෙන ඇත.ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරුන්ගේ හා වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කලමනාකරුවන්ගේ සෘජු අධීක්ෂණය යටතේ වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.දිවයින පුරා සේවයේ නිරත කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් හරහා ගොවිජනතාවගේ වී මිලදී ගැනීමේ කටයුතු සිදු කිරීමට සියලු පියවර ගෙන ඇත.ඒත් සමඟම ගොවියන්ට වී ඇසුරුම් රජය මඟින් ඔවුන්ගේ අතටම ලබා දීමට පියවර ගෙන ඇත.සහල් හා වී මාෆියාව පරාජයට පත් කිරීමේ අරමුණෙන් මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක රජය සතු සංචිතයක් පවත්වා ගැනීමේ අරමුණෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණ.අම්පාර හා මොනරාගල දිස්ත්‍රික්කවල මහ කන්නයේ අස්වනු නෙලීම් ආරම්භ කොට ඇති අතර, එම දිස්ත්‍රික්කවලින් රජයේ වැඩපිළිවෙල හෙට මෙලෙස ආරම්භ කෙරේ.පළමු මිලදී ගැනීම අම්පාර අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේදී හෙට පස්වරු 3.30ට සිදු කිරීමට සැලසුම් කර ඇත.මෙවර මහ කන්නයේ වී මෙට්‍රික්ටොන් ලක්ෂ 28ක් අපේක්ෂා කෙරෙන අතර,ඉන් ලක්ෂ 03ක් මෙලෙස රජයට මිලට ගනු ලබන්නේ ගොවියාත්,පාරිභෝගිකයාත් යන දෙදෙනාම ආරක්ෂා කිරීමේ ප්රමුඛ අරමුණ සහිතවයි.මිලට ගනු ලබන වී ගබඩා කිරීම සඳහා දිවයින පුරා ගබඩා පහසුකම් සූදානම් කොට ඇත.යුද හමුදාවේ ද සහය සහිතව සියලු ගබඩා නවීකරණය කරමින් පවතී.මෙවර මහ කන්නයේ හෙක්ටයාර හය ලක්ෂ හැටඅට දහස් හාරසීයක් දිවයින පුරා වගා කොට ඇත.මීට අමතරව දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා ද වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි.ඒ අනුව සහල් හිඟයක් හෝ සහල් මාෆියාවන්ට අවශ්‍ය පරිදි මිල පාලනය කිරීම් කළ නොහැකි පරිදි මෙවර රජය ඊට පෙර සිටම සූදානම් වී සිටියි.මෙතෙක් වී මිලදී ගැනීමේදී අතරමැදියන් අතට පත්වූ මුදල් මෙවර කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ට ලබා දීමට පියවර ගෙන ඇත.එම නිලධාරීන් නොමැති ප්‍රදේශවල පමණක් වෙනත් විකල්ප තුළින් වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට අවස්ථාව හිමි වේ.මෙවර මහ කන්නය මුළුමනින්ම රාජ්‍ය යාන්ත්‍රණයක් හරහා වී මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම විශේෂත්වයකි.ලබන මස මුල සිට වී අස්වනු දිවයින පුරා ලැබෙන අතර, ඒ සඳහා සියල්ල සූදානම්ව පවතී.
සුජිත් විතානපතිරණ
ගරු කෘෂිකර්ම අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්
හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය තුළ පිහිටි අක්කර 15 ක පරිසර හිතකාමි කෘෂි තාක්ෂණික උද්‍යානය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිරීක්ෂණය කළේය.2011 වසරේ ආරම්භ වූ බස්නාහිර පළාතේ පිහිටි අංග සම්පූර්ණ ආදර්ශ උද්‍යානය ගොඩනැගීමට නොව පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් බවත්,රටට වටිනා සම්පතක් අද වන විට විනාශයට යමින් පවතින බවත්, එහි නිලධාරීන් හා සේවක පිරිස් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට මෙහිදි ප්‍රකාශ කළේය.මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණය හා එකට බැඳුනු වැඩසටහනක් ලෙස මෙම උද්‍යානය ආරම්භ කොට තිබේ.මුළු උද්‍යානයම කාබනික පොහොර භාවිතයෙන් මෙරට ඕනෑම වගාවක් සිදුකළ හැකි බවට වූ ආදර්ශය සපයයි. වසවිස නැති ආහාර ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ක්‍රීඩාවන්ට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දීම,ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික සුවතාවය සඳහා උද්‍යානය යොදා ගැනීම දේශීය වගාවන් තුළින් ආදර්ශමත් රටක් නිර්මාණය කිරීම සහ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ අලංකරනය යන අරමුණු රැසක් මුල් කරගනිමින් මෙම ආදර්ශ උද්‍යානය ආරම්භ කෙරිණි.දේශිය අල වර්ග,උඩරට පහතරට බොහෝ එළවළු පලතුරු,කුරක්කන්,මෙනේරි,තල,මුං,බඩ ඉරිඟු,ඇතුළු ධාන්‍ය වර්ග සියල්ල මෙම උද්‍යානය තුළ කාබනික පොහොර භාවිතයෙන් වගාකොට ඇත.දේශිය ඖෂධ වර්ග 150 කින් යුත් ඖෂධ උයනක්ද උද්‍යානය තුළ පවති.එසේම ගව,එළු,බැටළු ආදි සත්ව නිෂ්පාදනද මෙම උද්‍යානය තුළ ආරම්භයේදි සිදුවුවත් මේ වන විට මුළුමනින් නතර වී තිබේ.මේ වන විට නිලධාරින් දෙදෙනෙකු කම්කරුවන් 7ක් සහ එක් මුරකරුවෙකු තුළින් මුළු උද්‍යානයේම කටයුතු සිදු කිරීමට වීමත් ගැටලු රැසක් නිර්මාණය කර ඇතිබව උද්‍යාන භාරකරු කෘෂිකර්ම උපදේශක ගාමිණි වික්‍රමතිලක මහතා අමාත්‍යවරයාට නිරීක්ෂණ චාරිකාවකදි පැහැදිලි කළේය.
දැනට උද්‍යානයේ භාරකාරිත්වය පිළිබඳව ගැටළුවක් ඇතිබවත් එය කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට පවරා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එහි නිලධාරින් අමාත්‍යවරයාගෙන් මෙහිදි ඉල්ලා සිටියේ ය.ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කොට පවරා ගැනීමේ කටයුතු නිරාකරණය කිරීමටත් උද්‍යානය ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිපාදන හා පහසුකම් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී එකඟත්වය පළකළේය.ආරම්භක අවධියේ ක්‍රීඩාංගනය තුළ වූ හමුදා කඳවුරේ කොටසකට අවශ්‍ය භයෝ ගෑස් උද්‍යානයේ ගව ගාලෙන් නිපදවූ බවත් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 4ක් උද්‍යාන තුළ නිෂ්පාදනය කරන බවත් ස්ථාන භාර නිලධාරි ගාමිණි වික්‍රමතිලක මහතා අමාත්‍යවරයාට කියා සිටියේය. මෙහි මෙතෙක් ලැබුනු ආදායම් මහා බණ්ඩාගාරයට ලබා දී තිබේ.
කාබනික පොහොර මෙන්ම දේශිය කෘෂි ක්‍රම හා නවීන තාක්ෂණය සියල්ලෙන් පොහොසත් මෙම උද්‍යානය රටට වැඩදායි ලෙස කෘෂි අධ්‍යාපනික වැඩසටහන් සඳහා යෙදවීමට පියවරගන්නා බවද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොරොන්දු විය.අපනයන බෝග රැසක්ද දියගම පරිසර හිතකාමි කෘෂි තාක්ෂණ උද්‍යානයේ වගාකර ඇත.
වඳවෙමින් පවතින දේශිය ආහාර වර්ග,දේශිය ශාක,දේශිය කොළ වර්ග,දේශිය අල වර්ග රැසක්ද මතු පරපුර වෙනුවෙන් රැක ගැනීමට දියගම පරිසර හිතකාමි උද්‍යානය සමත්ව ඇති අයුරු දැක ගැනීමට හැකිය.හරිතාගාර 2ක් ද උද්‍යාන තුළ ඉදිකර ඇති අතර ඒවා ද ප්‍රතිපාදන හා නිලධාරීන් හා සේවක හිඟය නිසා අද ක්‍රියාත්මක නොවන බව මෙහිදි අනාවරණය විය.කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විදේශ ආධාර ව්‍යාපෘතියකින් හෝ වෙනත් ක්‍රමවේදයකින් උද්‍යානය ගොඩනැගීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදි ප්‍රකාශ කළේය.මේ පිළිබඳ සොයාබලා අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර ඩබ්.එම්.ඩබ්.වීරකොන් මහතාට අමාත්‍යවරයා ඒ මොහොතේම උපදෙස් දුන්නේය.ගන්නෝරුව සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ආයතනයේ අධ්යක්ෂ හිරාන් පීරිස් පැළැටි වෛරස් හඳුනාගැනීමේ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය වින්ද්‍යා බස්නායක සහ මහත්ම මහත්මින්ද මෙම නිරීක්ෂණ චාරිකාවට සහභාගි විය.
සුජිත් විතානපතිරණ
ගරු කෘෂිකර්ම අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්
මහ කන්නයේ වී අලෙවි මණ්ඩලය හරහා රජයට වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් මිල දී ගැනීමේ කටයුත්ත හෙට -2021.01.12- පස්වරු 3.30 ට අම්පාර, අක්කරෙයිපත්තුව වී අලෙවි මණ්ඩලයේ ගබඩා සංකීර්ණයේ දී ආරම්භ කෙරේ.
ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ගරු වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලුනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සමාරම්භක වැඩසටහන පැවැත්වෙන අතර, ඔබ ආයතනයේ මාධ්‍ය කණ්ඩායමක් හෝ ප්‍රාදේශීය වාර්තාකරුවෙකු මේ සඳහා සම්බන්ධ කරන ලෙසත් වී මිලදී ගැනීමේ ජාතික වැඩසටහන පිළිබඳ රටපුරා සිටින ගොවි ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය ප්‍රචාරය ලබා දෙන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.
කෘෂිකර්මය නඟා සිටුවා නිෂ්පාදන ආර්ථිකයක් රටට දායාද කරන අප අමාත්‍යාංශයේ වැඩපිළිවෙලට ඔබ ආයතනය ලබා දෙන සහය ඉතා අගය කරමි.
සුජිත් විදානපතිරණ
ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්
වී සහ සහල් මාෆියාවන් නතර කිරීමේ අරමුණින් රජය සතුව වී මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක්
මහ කන්නයේ වී මිලදී ගැනීම පිළිබඳ විශේෂ මාධ්‍ය හමුව
මෙම මාධ්‍ය හමුව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,වී හා ධාන්‍ය,කාබනික ආහාර,එළවළු,පලතුරු,මිරිස්,ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන,බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ,ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් බී.එම්.එම්.ඩබ්.වීරසේකර,වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම, එහි උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් 2021.01.07 පෙ.ව. 11.30ට කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වේ. ඒ සඳහා ඔබ මාධ්‍ය ආයතනයේ මාධ්‍ය කණ්ඩායමක් සහභාගී කරවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.වී මිලදී ගැනීමේ ක්‍රමවේදය, වි සංචිත පවත්වා ගැනීම, ඒ පිළිබඳ වු මාධ්‍යවේදීන්ට කරුණු පැහැදිලි කර ගැනීමට මෙහිදී අවස්ථාව සලසා ඇත.
මෙම මාධ්‍ය හමුව සාර්ථක කර ගැනීමටත්, අප අමාත්‍යාංශයේ වැඩපිළිවෙල හා විවිධ කරුණු පිළිබඳව ඔබ ආයතනයෙන් ප්‍රචාරයන් ලබා දෙමින් දක්වන සහයෝගයටත් කෘතඥතාව පළ කරමි.
සුජිත් විතානපතිරණ
ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්