English (UK)SinhalaSriLankaTamilIndia


ආනයනික ලොකු ලූණු කිලෝවකට රුපියල් 40ක බද්දක්

Agri image 02

ලොකු ලූණු ආනයනය කිරීමේදී කිලෝ එකකට රුපියල් 40ක බද්දක් අය කිරීමට ඊයේ ( 06 ) රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත. මෙම බද්ද 06 වන සඳුදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අද ( 07 ) සඳහන් කළේය.

 

මෙරට ලොකු ලූණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 2,90,000කි. මෙවර රෙටේ නිෂ්පාදිත ලොකු ලූණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 60,000කි. මෙම නිෂ්පාදිත තොගය මේ දිනවල වෙළඳපොළට නිකුත් කෙරෙන බැවින් දේශීය ලොකු ලූණු වගා කර ඇති ගොවියාට සිය නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබා ගැනීමට ඉඩ සලස්වමින් ආනයනික ලොකු ලූණු සහා කිලෝවකට රුපියල් 40ක බද්දක් පැනවීමට මුදල් අමාත්‍යාංශය මෙම පියවර ගෙන ඇති බවද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කීවේය.

 

 Agri image 01

  


Last Updated on බ්‍රහස්පතින්දා, 09 සැප්තැම්බර් 2021 18:01

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය