English (UK)SinhalaSriLankaTamilIndia


නීතිවිරෝධී ලෙස ගබඩා කර ඇති වී තොග රජයට පවරාගෙන හාල් රු.97ට දෙනවා. ඇමති මහින්දානන්ද කියයි.

Agri image 01

අඩු මිලට වී මිලදීගෙන නීතිවිරෝධී ලෙස ගබඩා කර ඇති සියලුම වී තොග රාජ සන්තක කර, හාල් කිලෝව රු.97 බැගින් ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ අද ( 01 ) පෙරවරුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති රැසක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදීය. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් අමාත්‍යවරයා දැනට නීතිවිරෝධීව ගබඩා කර තිබෙන සීනි තොග ද රජයට පවරාගෙන සීනි කිලෝව රු.130ට අඩුවෙන් ජනතාවට ලබාදීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

 

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කාබනික කෘමිනාශක, දිලීරනාශක සහ වල්නාශක මෙන්ම කාබනික පොහොර ආනයනය කිරීමට පෞද්ගලික වෙළඳුන්ට අවස්ථාව ලබාදී ඇති බැවින් එවැනි රසායනික ද්‍රව්‍යවල හිඟයක් ඇති නොවන බවද සඳහන් කළේය.  

 Agri image 02

 

 

 


Last Updated on සිකුරාදා, 03 සැප්තැම්බර් 2021 10:32

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය