English (UK)SinhalaSriLankaTamilIndia


අම්පාර දිස්ත්‍රික්කයේ පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයට දැඩි උනන්දුවක්

agri image 01

දිවයිනේ මහ කන්නයේ වගා කටයුතු ප්‍රථමයෙන්ම ඇරඹෙන අම්පාර දිස්ත්‍රික්කයේ පරිසර හිතකාමී කාබනික කෘෂිකර්මාන්තය පිළිබඳ සූදානම ඉතා උසස් මට්ටමක පවතින බව සිදු කළ නිරීක්ෂණයේදී  පැහැදිලි වුණා.

අම්පාර දිස්ත්‍රික් සෞභාග්‍යා තිරසාර කෘෂිකර්ම සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලේදී 2021.07.29 දින පැවති අතරදිස්ත්‍රික්කය සඳහා අවශ්‍යතාවය පවතින කාබනික පොහොර මෙට්‍රික් ටොන් 38,903ක්  නිෂ්පාදනය සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව එම සාකච්ඡාවේදී හෙළිවුණා. ඒ ඒ ආයතන මෙන්ම ගොවි ජනතාව ද දැඩි උනන්දුවකින් වස විස නැති රටක් ගොඩ නැඟීම සඳහා රජයේ වැඩපිළිවෙලට අවතීර්ණව ඇතිබව හෙළිදරව් වුණා.

යල මහ කන්න දෙකේ අක්කර 3,30,000ක් අම්පාර දිස්ත්‍රික්කයේ වගා කෙරෙන අතරරටේ ජාතික වී නිෂ්පාදනට 22%ක දායකත්වයක් අම්පාර ගොවි ජනතාව සපයනවා. ජාතික නිෂ්පාදනයට 40%ක දායකත්වයක් සපයමින් වැඩිම කව්පි වවන්නේ ද අම්පාර ගොවි ජනතාවයි. ඊට අමතරව බඩඉරිඟුමිරිස් ඇතුළු කෘෂිකාර්මික නිෂ්පාදන රැසකට අම්පාර ගොවි ජනතාව දෙන දායකත්වය ඉමහත්. කාබනික පොහොර නිෂ්පාදන වැඩසටහන පිළිබඳවත්, මහ කන්නය සඳහා වන සූදානම පිළිබඳවත් මෙම සමාලෝචනයේදී ගොවි ජනතාව අප දැනුවත් කළා. මේ වසර සඳහා අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3000ක මුදලක් වෙන්කර තිබෙනවා. එම මුදල් කෘෂිකාර්මික වැඩසටහන් සඳහා යොදවා ඇති ආකාරයඒවා ක්‍රියාත්මක කිරීමේදී පවතින අවහිරතාගොවි ජනතාවගේ ගැටළුගොවි ජනතාවගේ අදහස් හා යෝජනා සියල්ල මෙහිදී සාකච්ඡා කළා. මහ කන්නයේ කාබනික වගාව වෙනුවෙන් ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් නියමිත පරිදි ලබා දෙන බවයි, මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ.

මහ කන්නය ආරම්භ  කරන අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට නියමිත දිනට සියලු පොහොර ගොවි බිමටම ලබාදීමට පියවර ගන්නා බවත්, අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙසත් මීට එක්වූ ගොවි සංගම් නියෝජිතයින්ගෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉල්ලා සිටියා. ඒ පිළිබඳව බිම් මට්ටමින් ගොවි ජනතාව දැනුවත් කරන ලෙසයි, මීට එක්වූ ගොවි සංගම් නියෝජිතයින්ගෙන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ. කෘෂිකර්ම අමාත්‍යාංශය යටත් ක්‍රියාත්මක විදේශ ආධාර ව්‍යාපෘති මනා කලමනාකරණයකින් ජනතාවට වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට කෘෂිකර්ම අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නා. එම වැඩසටහන් පිළිබඳව රජයේ දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන් දැනුවත් කොට ගොවි සංගම්වල ද යෝජනා සහ අදහස් ගනිමින් ක්‍රියාත්මක වන ලෙසයි, විදේශ ආධාර ව්‍යාපෘතිවල නිලධාරීන්ට අමාත්‍යවරයා අවධාරණය කළේ. ගොවි ජනතාව මුහුණපාන ගැටළු ගොවි සංගම් නියෝජිතයන් මෙහිදී ඉදිරිපත් කළ අතර, ඒවාට ද ප්‍රායෝගිකව ලබාදිය හැකි විසඳුම් ලබාදුන්නා.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ , වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්.අතාවුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී. වීරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ ඇතුළු මහජන නියෝජිතයින් මෙම සාකච්ඡාවට එක්වුණා. අම්පාර දිස්ත්‍රික් ලේකම්තුමා, නැගෙනහිර පළාත් ලේකම්තුමා ඇතුළු සියලු රාජ්‍ය ආයතනවල නිලධාරීන් මෙම සාකච්ජාවට එක්ව සිටියා. ප්‍රගති සමාලෝචනයට එක්වූ ගොවි සංගම් වෙත කෘෂිකාර්මික උපකරණ බෙදා දීමක් ද මෙහිදී සිදුවුණා. පසුගිය කන්නයේ කෘෂි රක්ෂණ වන්දිවලට අදාළ චෙක්පත් ද මෙහිදී ලබා දුන්නා.

 

සාකච්ඡාවේ (Voice Cut ) ඇත.

agri image 02  agri image 03

agri image 04  agri image 05

agri image 06  agri image 07


Last Updated on සදුදා, 02 AUGUST 2021 10:29

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය