English (UK)SinhalaSriLankaTamilIndia


අපේ නිෂ්පාදනයෙන් බී ළුණු ජාතික අවශ්‍යතාව සම්පූර්ණ කරන වැඩ පිළිවෙලක්

image 01

vව්‍යාපෘතියට අයත් සෑම පවුලකටම ලක්ෂ 25ක් ආධාර

vඅතිනවීන ගබඩා පවුලකට 01 බැගින්

vටනල්, විසිරුම් ජලනළ පද්ධති, උපකරණ සියල්ලත් රජයෙන්

අපේ රටේ බී ලූනු නිෂ්පාදනය සිදුකළ හැකි වුවත්, ජාතික අවශ්‍යතාව වෙනුවෙන් තවමත් ආනයනය කරනවා. ජනාධිපතිතුමාගේ අපේක්ෂාව මෙරට නිෂ්පාදනය කළ හැකි සියලු නිෂ්පාදන ආනයනය මුළුමනින්ම නතර කොට දේශීය කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමයි. ඒ සහා වූ ඉලක්කය ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පවරා තිබෙනවා. 2021 වර්ෂයේ බී ලුනූ හෙක්ටයාර් 5000ක් වගා කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර අවසන්. ඒ සහා වූ බීජ ලූනු අවශ්‍යතාවය කිලෝ ග්‍රෑම් 25,000. ඒ සහා මාතලේ දිස්ත්‍රික්කයේ කිඹිස්ස ගොවිජන බල ප්‍රදේශයේ දිගම්පතන ප්‍රදේශයේ, විශේෂ බිජ ලූනු ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට මේ වනවිට පියවර ගෙන තිබෙනවා. එම ප්‍රදේශය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නිරීක්ෂණය කළ අතර, ප්‍රදේශයේ ජනතාව මුණ ගැසී මේ පිළිබ සාකච්ඡා කළා. තෝරාගත් පවුල් 50ක් වෙනුවෙන් අංගසම්පූර්ණ නවීන තාක්ෂණයෙන් සමන්විත ගබඩාව බැගින් මෙම පවුල් 50ට ම ලබා දෙනවා. එක් පවුලක් වෙනුවෙන් රු ලක්ෂ 25ක ආධාර හා උපකරණ රජය මින් ලබා දෙනවා. බීජ වගාව සහා අවශ්‍ය ටනල්. විසිරුම් ජල පද්ධති ආදිය ද මෙම පවුල් 50 ගොවීන්ට ලබා දෙනවා. බීජ බී ලූනූ කිලෝ 10කින් බී ලුනූ ඇට කිලෝ 01ක් නිෂ්පාදනය කළ හැකියි. ලබා දෙන ගබඩාවක කිලෝ 3000ක් ගබඩා කළ හැකි අතර, ඉන් 30%ක නාස්තියක් සිදු වුවත්, බීජ ලූනූ කිලෝ 2500ක් එක් ගොවියෙකුට ඉතිරි වෙනවා. ඒ අනුව එක් ගොවියෙකුට බීජ බී ලූනූ ඇට කිලෝ 250ක් පහසුවෙන් මේ සියලු දේ අතහැර නිෂ්පාදනය කළ හැකි වෙනවා. ඒ අනුව මෙම පවුල් 50ට අදාළ පහසුකම් ලබා දීමෙන්, අප මේ වසරේ අපේක්ෂා කරන හෙක්ටයාර 5000 වගා කිරීමට අවශ්‍ය බී ලූනූ බීජ දිගම්පතන ප්‍රදේශයේ නිෂ්පාදනය කිරීමට සියලු පියවර ගෙන අවසන්.

image 02  image 03

image 04  image 05

image 06


Last Updated on අඟහරුවාදා, 06 අප්‍රේල් 2021 10:26

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය