මෙරට ජාතික වියළි මිරිස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 60000 ක්. 100% වියළි මිරිස් ආනයනය කරනු ලබනවා.මේ වසරේ හෙක්ටයාර 5000 ක මිරිස් වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.මේ සඳහා වූ බීජ මිරිස් ඇට අවශ්‍යතාව කිලෝග්‍රෑම් 2500 ක්.
මෙම බීජ මෙරට තුළම නිෂ්පාදනයට අවශ්‍ය වැඩපිළිවෙල ,ගොවිජනතාවට දිය යුතු ආධාර, උපකරණ ඇතුළු සියලු සහාය මේ වන විටත් ලබාදෙමින් තිබෙනවා.මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල දිගම්පතන ප්‍රදේශයේ වර්ග අඩි 2000 ක ටනල් 20 ක්, නාවලපිටිය අලුත්ගම බීජ ගම්මානය තුළ වර්ග අඩි 1500 ක ටනල් 40 ක් තුළ බීජ මිරිස් නිෂ්පාදනයට පියවර ගෙන තිබේ.
දඹුල්ල ප්‍රදේශයේ බීජ මිරිස් වගාවට තෝරාගත් ප්‍රදේශ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිරීක්ෂණයට ලක් වූ අතර, එම ගොවි ජනතාව සමඟ දඅමාත්යතුමා සාකච්ඡා කළා.ඔවුන්ගේ ගැටළුවලට විසඳුම් මෙන්ම රජය සියලු සහාය ලබාදෙන බවත් මෙහිදි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
නාවලපිටියේ අලුත්ගම බීජ ගම්මානය තුළ මේ වනවිටත් නිෂ්පාදන කටයුතු සිදුවෙමින් පවතිනවා.මේ වසරට අවශ්‍ය සියලු බීජ මිරිස් නිෂ්පාදනයට මේ වනවිට පියවරගෙන අවසන්.මේ වසර තුළ වියළි මිරිස් ජාතික අවශ්‍යතාවෙන් 35% ක් නිෂ්පාදනයටත්, වසර තුනක් තුළ වියළි මිරිස් ජාතික අවශ්‍යතාව 100% මෙරට තුළින්ම නිෂ්පාදනයටත් ඉලක්කගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි..මෙරට නිෂ්පාදනය කළ හැකි එහෙත් ආනයනය මත යැපෙන ආනයන ආර්ථිකය වෙනුවට, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනගමින් විදේශයන්ට ඇදී යන අපේ රටේ මහා ධනස්කන්දය මෙරට තුළම රදවා ගනිමින් කෘෂිකර්මයෙන් රට ගොඩනැගීම අමාත්‍යංශයේ ඉලක්කය හා අපේක්ෂාවයි.ඒ සඳහා දැවැන්ත ව්‍යාපෘතියක් ලෙසයි, තෝරාගත් ප්‍රදේශ දෙකක් වන නාවලපිටිය අලුත්ගම බීජ ගම්මානය හා දඹුල්ල දිගම්පතන ප්‍රදේශයේ බීජ ගම්මානයක් ස්ථාපිත කොට බීජ නිෂ්පාදනයට මෙලෙස පියවර ගෙන ඇත්තේ.