කෂකරම සහ වවල කරමනත අමත යශය 3

   



රටපුරා වන විනාශයක් කරන බවට ගෙන යන ප්‍රචාර බොරු

Group image

දිවයින පුරා ගොවි නියෝජිතයෝමාධ්‍යට කරුණු කියයි.

  • රාජ්‍ය නොවන සංවිධාන මේ බොරු ප්‍රචාර පිටුපස ඉන්නේ.
  • විදේශ කළු සල්ලි මේ වියදම් කරන්නේ.
  • කොළඹ උද්ඝෝෂණ, විරෝධතා කරන අය,එන්න ගමට පෙන්නන්න, වන විනාශය වන තැන්.
  • වන විනාශයක් වෙනවනම් පළමුව විරුද්ධ වෙන්නේ අපි.

 


කොළඹට රැස් වූ ශ්‍රී ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩලයේ නියෝජිතන් අවධාරණය කරයි.01.එස්.එම්.ජීසමරකෝන් (සභාපති- ශ්‍රී ලංකා ජාතික ගොවිජන සංවිධාන මණ්ඩලය)

01.එස්.එම්.ජීසමරකෝන් (සභාපති- ශ්‍රී ලංකා ජාතික ගොවිජන සංවිධාන මණ්ඩලය)

01

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිසිම වන විනාශයක් නෑ.වසර 20 ක් 30 ක් තෙක්  හදපු භූමිය නිදහස් කරලා දෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන්, ගොවි නියෝජිතයෝ විදියට ඉල්ලා සිටියා.ගොවීන්ගේ ඉඩම් ගොවීන්ට දෙන්න කියලා ජනාධිපතිතුමා කිව්වේ.අක්කර 33,000 ක් විනාශයි කිය කියා ගෙන යන මාධ්‍ය ප්‍රචාර බොරු.අනුරාධපුරයේ එක ගහක් කපලා නැහැ කියලා වගකීමෙන් කියනවා. මේ ගොවිජනතාව වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න ගෙනයන බොරු ප්‍රචාරයක්. මඩ ප්‍රචාරයක්. 

02. කරුණාදාසපල්ලියගේ (ලේකම් - ශ්‍රී ලංකා ජාතික ගොවිජන සංවිධාන මණ්ඩලය)

02

මාධ්‍යවලින් ගෙන යනවා මහා වන විනාශයක් වෙනවා කියලා. කැළෑ කපනවා කියලා. මේවා ඔක්කොම බොරු. වසර ගණනාවක් වගා කරන ඉඩම් පුරන්වෙලා තිබුණා. අවුරුදු 30ක් විතර වගා නොකරපුවා, වගා කරන්න අවස්ථාව දුන්නා. ඒ අපේ ඉල්ලීමට. මේකට මුවා වෙලා මේ ගෙනයන මඩ ප්‍රචාරය ගොවියේ විදිහට අපි මුළුමනින්ම හෙළා දකිනවා,ගොවීන්ගෙන් ඉල්ලනවා මේවට රැවටෙන්න එපා කියලා.

03. උපාලිරාජපක්ෂ - (ලේකම් - බදුල්ල දිස්ත්‍රික් ගොවිජන සංවිධාන මණ්ඩලය)

03

අපි දැක්කා පහුගිය කාලේ කැළෑ කපන හැටි. ගස් කපලා විකුණන හැටි. එහෙම විනාශයක් අද නෑ. අපි රජයට හුණු ගාන්න ඕන නැහැ. හැබැයි ගොවියා ගැන හිතන ආණ්ඩුව අපි රකින්න ඕන. මේ රජය පෙරලන්න උත්සාහ කරන විදේශ බලවේග එකතු වෙලා ගෙනියන කූට වැඩක්. රාජ්‍ය නොවන සංවිධානවල සල්ලි වලින් මේ උද්ඝෝෂණ හා ප්‍රචාර සිද්ධ වෙන්නේ. විදේශ රටවල වන විනාශයට ගියපු ෆොටෝ දාලා අපේ රටේ වගේ පෙන්වනවා. මේක තනිකර නාට්‍යයක්. 

04. ඩී.එම්ප්‍රේමරත්න - ( සභාපති -  මොනරාගල දිස්ත්‍රික් ජාතික ගොවිජන සංවිධාන මණ්ඩලය )

04

මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ට කිසිම කැළෑ කැපීමක් අපිට දකින්න නෑ. මේ ජනාධිපතිතුමා රට දියුණු කර, ගෙනියන වැඩපිළිවෙල කඩා කප්පල් කිරීමක්. මොනරාගල තියෙනවා නිල්ගල, යාල ජාතික වනෝද්‍යාන. කිසිම කැළෑවක් කපන්න ඒ පැතිවල ජනතාව ඉඩ දෙන්නේ නෑ. කොළඹ ඉදගෙන බොරු ප්‍රචාර මේ ගෙනියන්නේ. 

05. .පීඅමරදාස - (සභාපති - කළුතරදිස්ත්‍රික් ගොවිජන සංවිධාන මණ්ඩලය)  

05

කළුතර දිස්ත්‍රික්කයේ වනාන්තර තියෙනවා, කිසි එකකට හානියක් නෑ. මේ ගොවිජනතාවට දෙන සහන නවත්වන්න ගෙනියන කූට කුමන්ත්‍රණයක්, කැළෑකපනවා කියලා ගෙනියන්නේ.

06. පී. එම්. පියරත්න -  (සභාපති -  කෑගල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා ජාතික ගොවිජන සංවිධාන මණ්ඩලය)

06

එන්.ජී.ඕ. කාරයෝ එක්කාසුවෙලා කළු සල්ලිවලින් බොරුවක් අරන් යනවා, කැළෑ කපනවා. වනාන්තර විනාශයි කියලා. මේක අමු බොරුවක්. මාධ්‍යයෙන් පෙන්වන්නේ බොරු මඩ . ජනාධිපතිතුමත් ගොවිජනතාවත් වෙන් කරලා මේ රට මහා අගාධයකට දාන්න මේ කුමන්ත්‍රණයක් ගෙනියන්නේ. අපේ දිස්ත්‍රික්කවල වනාන්තර විනාශ වෙනවානම්, ඉස්සර වෙලා කියන්නේ ගොවියෝ. ඒකයි අපි දකින්නේ නැති වන විනාශයක් මේ අය පෙන්වන්නේ කියලා අපි වගකීමෙන් කියන්නේ.

07. ඩබ්ලිව්.එම්.එස්. වාසල බණ්ඩාර - (භාණ්ඩාගාරික - අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ජාතික ගොවිජන සංවිධාන මණ්ඩලය

07

රටේ සියලු දෙනාට අපි කියනවා, මේ අභූත චෝදනා බොරු පිළිගන්න එපා. රාජ්‍ය නොවන සංවිධාන හරි, විපක්ෂය හරි උද්ඝෝෂකයෝ හරි කියන වන විනාශය සිදුවෙනවාද කියලා නිරීක්ෂණය කරන්න. ඒ ප්‍රදේශයට ගිහිල්ලා බලන්න ඒ අනුව නිගමනය කරන්න. බොරුවලට අහුවෙන්න එපා. 

08. උපවංශ බණ්ඩාර - ( භාණ්ඩාගාරික මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ජාතික ගොවිජන සංවිධාන මණ්ඩලය)

08

අද දිස්ත්රික් 25 මනිලධාරීන්හානියෝජිතයින්අපේකොළඹසම්මේලනයට සහභාගී වුණා. අපි අහලා බැලුවා, මේ කියන වන විනාශය සිදු වෙනවාද කියලා. ඔවුන් කිවුවා තමන්ගේ ප්‍රදේශවල කිසිම වන විනාශයක් සිදු වෙන්නේ නෑ කියලා. මේ චෝදනාව එල්ල කරන අය කොහෙද ඉන්නේ කියන එක, ගොවියෝ විදිහට අපිට තියෙන ප්‍රශ්නය. මේවා මඩ. රටේ නායකයාට ආණ්ඩුවට ගහන්න හදන ක්‍රමවත් අවලාද, මඩ ප්‍රචාර මේ කරන්නේ. කිසිම වන විනාශයක් නැති බව ගොවියෝ ගොවි නියෝජිතයෝ විදිහට අපි දන්නවා. එකයි අපි වගකීමෙන් කියන්නේ, වනය විනාශ කරනවට ගොවියෝ කොහොමත් විරුද්ධයි. අපිට හොරා කැළෑ කපන්න කාටවත් බෑ. එහෙම දෙයක් අද මේ රටේ වෙන්නේ

09. ජේ. ආර්.ඩී. සිරිපාල - ( සභාපති - හම්බන්තොට දිස්ත්‍රික් ජාතික ගොවිජන සංවිධාන මණ්ඩලය)

09\

මම අවුරුදු 17 ඉදන් ගොවිතැන් කරනවා. බූන්දල, යාල ජාතික වන උද්‍යාන කිසිවකට හානියක් නෑ කියලා මම වගකීමෙන් කියන්නේ. මුදලට වහල් වෙච්ච පිරිසක් මේ කැළෑ කපනවා කිය කියා කොළඹ පෙළපාලි යන්නේ ජනාධිපතිතුමාට මඩ ගහන්න මේක කරන්නේ. වෙන වෙන රටවල ෆොටෝ දාලා පෙන්වන්නේ . අපි හෙළා දකිනවා මේ වැඩේ. ගොවියෝ රැවටෙන්නේ නෑ මේ වැඩවලට.

සමාජීය

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : info@agrimin.gov.lk

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය