English (UK)SinhalaSriLankaTamilIndia


රජරට බඩඉරිඟු ගොවීන් 5000ක් නගා සිටුවීමට පියවර

image 07

  • ආනයනයනතරකොටදේශීයගොවියාටහොඳමිලක්හදනවා.
  • බඩඉරිඟුවලින් රට ස්වයංපෝෂිත කරනවා.
  • මේ සියල්ල රජයේ ආධාර.
  • නවීන තාක්ෂණය, නවීන යන්ත්‍රසූත්‍ර, 50%ක බීජ සහනාධාර ඇතුළු සියල්ල රජයෙන් දෙනවා.
  • ගොවියාගේ හඬට,අත්දැකීමට,අදහස් හා යෝජනාවලට මුල්තැන දෙමින් කෘෂිකර්මයෙන් රට ස්වයංපෝෂිත කරනවා.

යනුවෙන් ඇමතිමහින්දානන්දරජරටගොවිසංගම්හමුවේදී කියා සිටියා.

 

අනුරාධපුර ගොවිජන සේවා මධ්‍යස්ථානයේදීඅනුරාධපුර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලයේ නිලධාරීන් සහ ගොවි සංගම් නියෝජිතයින් ( 2021.03.18) දින කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මුණ ගැසුණා. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ද මීට එක්ව සිටියා.අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණ දෙන වාරි,ඉඩම් මෙන්ම එදිනෙදා ගැටළු රැසකට මෙහිදී අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසඳුම් ලබා දුන්නා.

 

ගොවියාට සියලු පහසුකම් රජය ලබා දෙන අතර,වගා කොට රටේ ජාතික නිෂ්පාදනය වැඩි කිරීමේ කාර්යය ගොවියා විසින් සිදු කළ යුතු බවත්, අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.උතුරුමැද පළාත තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය (SAPP) ක්‍රියාත්මක කරන බඩඉරිඟු ව්‍යාපෘතියේ සියලු ආධාර හා උපකරණ මාස 02ක් තුළ ගොවීන්ට ලබා දෙන ලෙස අමාත්‍යවරයා ව්‍යාපෘතියේ නිලධාරීන්ට දැනුම් දුන්නා.මේ සඳහා රජය වැය කරන මුදල රුපියල් මිලියන 1000ක්.ගොවීන් 5000කට රු.48,000ක් බැගින් මෙහිදී ආධාර පිරිනැමෙනවා.නවීන උපකරණ,නවීන තාක්ෂණික දැනුම,50% බීජ සහනාධාර මේ යටතේ ලබා දීමට නියමිතයි.යන්ත්‍රසූත්‍ර මිලදී ගැනීමේදී ගොවියාගේ ඉල්ලීමට අනුව එය සිදු කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට මෙහිදී දැනුම් දුන්නා.බඩඉරිඟුවලින් රට ස්වයංපොෂිත කිරීමේ ඉලක්කය වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

 

මේ යටතේ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතුළුව ගොවීන් 7000කට ආධාර පිරිනැමෙනවා.

ඒ සඳහා වූ සියලු පියවර කඩිනමින් සිදු කරන ලෙස ගොවි සංගම් සමඟ පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නා.බීජවල ගැටළු,කුඩා වාරි ගැටළු,ඇළ මාර්ග ගැටළු,බැංකු ණය ලබා ගැනීමේ දුෂ්කරතා ආදී ගොවි සංගම් නියෝජිතයින් ඉදිරිපත් කරන ගැටළු සියල්ලට අදාළ ආයතන සම්බන්ධීකරණය කරමින් විසඳුම් ලබා දුන්නා.ගොවිජන සේවා මධ්‍යස්ථානයකට එක බැගින් වැව්වල පාසි ඉවත් කිරීමේ යන්ත්‍ර ලබාදෙන බවද, අමාත්‍යවරයා ගොවි සංගම්වලට ප්‍රකාශ කළා.රුපියල් මිලියන 09ක වියදමින් වියලීමේ යන්ත්‍ර 02ක් ලබා දීමට ද මෙහිදී තීරණය කළා.වගා කිරීමට මෙන්ම අස්වැන්නට සාධාරණ මිලක් සහිතව අලෙවි කිරීමට ද පහසුකම් හා වටපිටාව සකස් කරන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී අවධාරණය කළා.අතරමැදියන්ගෙන් ගොවියා රැක ගන්නා බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

 

ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් (SAPP) ආයතනයේ නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක් වුණා.

 image 01  image 02

image 03  image 04  image 06

image 05  

image 08


Last Updated on බදාදා, 24 මාර්තු 2021 08:48

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය