English (UK)SinhalaSriLankaTamilIndia


ගොවි බිමටම ගොස් වී මිලදී ගැනීමේ මසක ජාතික ක්‍රියාන්විතයක් මාර්තු 8 - අප්‍රේල් 7

AGC-MEDIA-NEWS-01.

v ගොවිබිමටම යන්න,තෙත වීත් ගන්න

v දිස්ත්‍රික්ක 6කට මුල්තැන

v මසක් තුළ මෙට්‍රික්ටොන් ලක්ෂ 2ක ඉලක්කයක්

v නිලධාරීන් 366ක් හා ලොරි 60ක් ක්‍රියාන්විතයට

 

රජයට  වී සංචිතයක් පවත්වා ගැනීමට තරඟකාරි මිලට වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතය තවත් ශක්තිමත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.ඒ අනුව 2021 මාර්තු 08 වන දා සිට 2021 අප්‍රේල් 7වන දා දක්වා මසක් තුළ වී මෙට්‍රික්ටොන් ලක්ෂ දෙකක් ගොවිබිමටම ගොස් මිලදී ගන්නා ලෙස අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.අනුරාධපුරය ,මඩකලපුව,අම්පාර,පොළොන්නරුව,හම්බන්තොට,කුරුණෑගල යන දිස්ත්‍රික් 6ට මෙහිදී ප්‍රමුඛත්වය ලබා දී තිබෙනවා.වී අලෙවි මණ්ඩලයේ ප්‍රදේශීය කළමනාකරුවන් 6ක් සහකාර ප්‍රදේශීය කළමනාකරුවන් 60ක්,කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් (කෘ.ප.නි.ස) 300ක් මෙම ක්‍රියාන්විතයට එක්වනු ඇත.

 

මේ සඳහා ලොරි රථ 60ක් යොදාගෙන දෛනිකව වී මෙට්‍රික්ටොන් 6000ක් ගොවියාගෙන්තරඟකාරී මිලට මිලදී ගැනීම සැලසුමයි.තෙත වී මිලදී ගැනීමටත් ඒ මොහොතේම ගොවියාගේ අතට මුදල් ගෙවිමට පියවර ගන්නා ලෙසත්, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් ලබා දුන්නා.වී මිලදී ගැනීමේ ජාතික ක්‍රියාන්විතය ට සම්බන්ධ ඒ ඒ ආයතන ප්‍රධානීන් කෘෂිකර්ම අමාත්‍යාංශයට, කැඳවා අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නා.මුදලාලිගේ සල්ලි වලට,සහල් හා වී මාෆියාව එල්ල කරන තර්ජන අභියෝග ලෙස සලකමින්,කෝටි 2කට වැඩි ජනතාවට සාධාරණ මිලට හාල් ලබා දීමට මෙම වැඩපිළිවෙල සාර්ථකව සිදුකරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී උපදෙස් දුන්නා.

 

AGC-MEDIA-NEWS-02.  AGC-MEDIA-NEWS-03.

 


Last Updated on බ්‍රහස්පතින්දා, 04 මාර්තු 2021 11:12

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය