English (UK)SinhalaSriLankaTamilIndia


එළඹෙන මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට පියවර

News image 04

·        ජනවාරි වන විට සියලු ගබඩා ප්‍රතිසංස්කරණයට පියවර
·        ගබඩා ප්‍රතිසංස්කරණයට යුධ හමුදාවේ සහාය

 

හාල් හිගයක් නිර්මාණය කරමින් හාල්මිල ඉහළ දැමීමට විටින් විට ඇතැම් පිරිස් සිදුකරන මාෆියාවන් පාලනයට වහාම විසදුම් සෙවීමට විශේෂ රැස්වීමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ / රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ / අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් සුමේධ පෙරේරා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් / වී අලෙවි මණ්ඩලයේ ප්‍රධානීන් / පොහොර ලේකම් කාර්යාලයේ ප්‍රධානීන් / ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මීට කැදවා තිබුණා. හාල් ආනයනය කිසිසේත් නොකළයුතු බව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමා දැඩි තීරණයක සිටින බවත් වහාම ජනතාවට පරිභෝජනයට අවශ්‍ය සහල් නිෂ්පාදනය මෙන්ම ඊට අවශ්‍ය වැඩපිළිවෙලක් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය යුතු බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී අවධාරණය කළේය.

 

ලබන පෙබරවාරි මාසය දක්වා මෙරට පාරිභෝජනයට අවශ්‍ය සහල් නිෂාපාදනයට අවශ්‍ය වී පසුගිය කන්නයේ නිෂ්පාදනය කොට ඇති බව පැවසු අමාත්‍යාවරයා අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමේ මාෆියාව විසින් හාල් හිගය සහ මිල වැඩිකිරීම සිදුකරන බවයි මෙහිදී පෙන්වා දුන්නේ. ඊට රාජ්‍ය නිලධාරීන් ලෙස ඒකාබද්ධව සම්බන්ධීකරණය වෙමින් විධිමත්ව ප්‍රායෝගිකව මුහුණ දිය යුතු බව මෙම සාකච්ඡාවේ දී අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ අනුව මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් සෘජුව වී අලෙවි මණ්ඩලය හරහා මිලට ගතයුතු බවත් ඊට අදාල රාජ්‍ය ආයතන සම්බන්ධීකරණය විය යුතු බවත් මෙහිදී අවධාරණය කෙරුණා. ගබඩා ප්‍රතිසංස්කරණයට අදාල ප්‍රතිපාදන වහාම වෙන්කිරීමත් එම කටයුතු සදහා යුධ හමුදාවේ සහාය ලබාගැනීමටත් මෙහිදී තීරණය කළා.


 
එසේම රටේ අවශ්‍යතාවයට වඩා වී නිෂ්පාදනයට පියවර ගැනීමට අදාල රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව අත්‍යාවශ්‍ය බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා පුරන් කුඹුරු අස්වැද්දීමට ගොවි ජනතාව උනන්දු කරවීමෙන් එම අරමුණු කරා ලගාවිය හැකි බවද අලුත්ගමගේ මහතා මීට එක්වූ නිලධාරීන්ට පෙන්වා දුන්නා. පවතින තත්ත්වයට වඩා 25% කින් වී නිෂ්පාදනය ඉහළ දැමීමේ සාර්ථක සැලසුමක් ක්‍රියාවට නැංවීමට ද මෙහිදී තීරණය කෙරුණා.


 
රොහල්වලට / ත්‍රිවිධ හමුදාවට / බන්ධනාගාර වලට ඇතුළුව නිෂ්චිතව හඳුනාගත් අලෙවි ක්‍රමවේදයක් තුල වී අලෙවි මණ්ඩලය මිලට ගන්නා අතිරික්ත වී සහල්කොට ලබාදිය හැකිබවයි මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ. වී මිලදී ගැනීමේ දී ප්‍රවාහන පහසුකම් ගැන වැඩි අවධානයක් යොමුකර ගොවි ජනතාව අපහසුතාවට පත්නොවන පරිදි ප්‍රායෝගිකව ක්‍රියාකරන්නැයි රාජ්‍ය අමාත්‍යවරයා අදාල නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබාදුන්නා.


 
මේ පිළිබඳ වූ සැලසුම් සහගත වැඩපිළිවෙල එළඹෙන සතිය තුළ ලබාදිය යුතු බවත් මන්දගාමීව ක්‍රියා නොකර කාර්යක්ෂමව වැඩ කළ යුතු බවත් මෙම විශේෂ සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණා. රජය නොමිලේ පොහොර සහනාධාරය ක්‍රියාත්මක කරන බැවින් එම ගොවීන්ගේ වී මිලට ගැනීමට වී අලෙවි මණ්ඩලය පියවර ගැනීමෙන් ගොවියාත් / පාරිභෝගිකයාත් ආරක්ෂා වන බවයි අමාත්‍ය මහින්දානන්ද අල්ත්ගමගේ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ. ඵලදායී අස්වැන්නක් සදහා සාර්ථක බිත්තර වී ගොවීන් අතට පත්කිරීමට පියවර ගැනීම අදාල නිලධාරීන්ගේ වගකීම බවයි ඒ මහතා කියා සිටියේ. ඊට අවශ්‍ය පහසුකම් ගොවීන්ට සැපයිය යුතුයි. පොහොර ලබාදීම / බිත්තර වී ලබාදීම / වී අලෙවි මණ්ඩලය හරහා වී මිලදී ගැනීම යන සියලු දේ එකට බැදුනු සම්බන්ධීකරණයකින් කළයුතු බවත් එක් එක් ආයතන තනි තනිව ක්‍රියාකිරීමෙන් ගොවියාත් / පාරිභෝගිකයාත් / රජයත් සියල්ල අපහසුතාවයට පත්වන ක්‍රියාදාමයට වහාම තිත තැබිය යුතුබවත් අදාල රාජ්‍ය නිලධාරීන්ට මෙම සාකච්ඡාවේ දී අවධාරණය කෙරුණා. 

 

News image 01  News image 02

 

News image 03   News image 06

 

News image 05

 

voice-record-icon 1608195 Video Cut 


Last Updated on සෙනසුරාදා, 07 නොවැම්බර් 2020 11:29

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය