English (UK)SinhalaSriLankaTamilIndia


බස්නාහිර පළාතේ ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සාර්ථකව ඉදිරියට

01.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බස්නාහිර පළාතේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල තොග වෙළඳාම සඳහා මෙහෙයුම් ආරම්භ කෙරුණා.

ඒ අනුව නාරාහෙන්පිටල රත්මලානල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම් අද ආරම්භ වුණා, විවෘත කොට පැය 03ක් ගෙවී යාමට පෙර එළවළු කිලෝග්‍රෑම් ලක්ෂයක් නාරාහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් විකුණූ බවයි, එහි ව්‍යාපාරිකයන් ප්‍රකාශ කළේ. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්  රාජ්‍ය නිලධාරීන් මෙහෙයුම් ආරම්භ කළ නාරාහෙන්පිට ආර්ථික මධ්‍යස්ථානය අද පස්වරුවේ නිරීක්ෂණය කළා. වෙළඳ සංගම් නියෝජිතයින් හා ව්‍යාපාරිකයන් මුණ ගැසුණු අමාත්‍යවරුන් ඔවුන්ගේ ගැටළු විමසා සිටියා. එසේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් අනුව සියලු දෙනා ක්‍රියා කළ යුතු බවත්, අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා. වගකීම් විරහිතව ක්‍රියා කිරීමෙන් නැවත ආර්ථික  මධ්‍යස්ථාන වැසී යාමට ඉඩ සැලසෙන බැවින් වගකීමෙන් ක්‍රියාකරන ලෙසයි, අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේ. සිල්ලර වෙළඳාම මෙම ආර්ථික මධ්‍යස්ථානවල ක්‍රියාත්මක නොවන අතර, බලපත්‍ර සහිත තොග වෙළඳුන්ට පමණක් එම මධ්‍යස්ථානවලට ඇතුළුවිය හැකියි, විවෘත කොට ඇති ආර්ථික  මධ්‍යස්ථාන හරහා අත්‍යවශ්‍ය සියලු ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් මිලදී ගැනීමට පහසුකම් සලසා තිබෙනවා.

මේ අතර වසා දමා ඇති මීගොඩ ආර්ථික මධ්‍යස්ථාන ද අද අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ල රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්ගේ නිරීක්ෂණයට ලක් වුණා. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සේවය කරන 260 දෙනෙකුගේ PCR පරීක්ෂණ හෙට දිනයේම සිදු කිරීමට අවශ්‍ය කටයුතු මෙහිදී සිදු කෙරුණා. එම වාර්තා සිකුරාදා දිනයේ ලබාගෙන, සෙනසුරාදා  මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය සම්පූර්ණ විෂබීජහරණයට ලක්කොට ලබන සඳුදා (90) නැවත විවෘත කරන ලෙස මෙහිදී අමාත්‍යවරයා දැනුම් දෙනු ලැබුවා. ඒ සඳහා සෞඛ්‍ය අංශවල පූර්ණ උපදෙස් යටතේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ආර්ථික මධයස්ථානයේ කළමනාකාරිත්වයට හා රාජ්‍ය නිලධාරීන්ට අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නා. PCR පරීක්ෂණවලට ලක්කල පිරිස් හැර කිසිවෙකුත් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුල් නොකරන ලෙසට මෙහිදී අමාතයවරුන් පොලිසියෙන් ඉල්ලා සිටියා. 

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්ෂණයට එක්වූ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් මාධ්‍යවේදීන් විමසා සිටියේ පොහාර හිඟයක් පවතින බවට පළවන වාර්තාවල සත්‍ය අසත්‍යතාවය කුමක්ද යන්නයි, ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා කියා සිටියේ ඊයේ දිනයේ පොහොර මෙට්‍රික්ටොන් 30,000 ක් ලැබුනු බවත්, ලබන 08 වනදා තවත් මෙට්‍රික්ටොන් 30,000 ක් ලැබීමට නියමිත බවත්ල පොහොර හිඟයක් මවාපෑමට ඇතැමුන් ක්‍රියාකරමින් සිටින බවයි ගොවීන් අපහසුතාවට  පත්කිරීමට රජය කිසිවිටකත් ඉඩ නොතබන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා. 

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේ ගොවීන්ගේ අස්වනු ආර්ථික මධ්‍යස්ථානවලට විකිණීමට අවශ්‍ය බලපත්‍ර සහ පහසුකම් සියල්ල සපයා ඇති බැවින් ඔවුන්ගේ නිෂ්පාදන කිසිඳු අපහසුතාවයකින් තොරව අලෙවි කළ හැකි බවයි. එම නිසා කටකතාවලට හසු නොවී අදාල නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානවලට අලෙවි කිරීමට පියවර ගන්නා ලෙසද ගොවිජනතාවගෙන් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියාග ව්‍යාපාරිකයන් ද අපහසුතාවයට පත්නොවන පරිදි කාර්යක්ෂම වැඩපිළීවෙලක් ක්‍රියාත්මක බවත් ඇඳිරිනීතිය පැවතිය ද ජනතාව අපහසුතාවට පත්නොවන වැඩපිළිවෙලක් රජය ක්‍රියාවට නංවා ඇති බවත් මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, අමාත්‍යාංශ නිලධාරීන්, පොලිසියේ හා සෞඛ්‍ය අංශ නිලධාරීන් රැසක්ද මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය නිරීක්ෂණයට එක්ව සිටියා. 

02.   03.

08.   11.

14.   15.

16.   17.

voice-record-icon 1608195 Voice Cut 

 


Last Updated on බ්‍රහස්පතින්දා, 05 නොවැම්බර් 2020 09:36

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය