English (UK)SinhalaSriLankaTamilIndia


වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ මෙහෙයුම් තොග වෙළඳුන්ට 09වැනිදා (ලබන සඳුදා) - විවෘත වේ.

09.

නාරාහෙන්පිට, රත්මලාන, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට තොග වෙළඳාමට විවෘත කිරීමට ඊයේ තීරණය කෙරුණා.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන් ඊයේ දිනයේ එම මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි මෙම තීරණය ගනු ලැබුවේ. පොලිසියේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ විශේෂ අවධානය යටතේ එම කටයුතු සිදු කෙරෙන්නේ. වැලිසර ආර්ථික මධ්‍යස්ථාන මහින්දානන්ද අලුත්ගමගේ, ශෂීන්ද්‍ර රාජපක්ෂ , බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරින්ගේ නිරීක්ෂණයට අද ලක් වුණා. වෙළඳ සංගම් නියෝජිතයින් මෙන්ම සෞඛ්‍ය නිලධාරීන්ගෙන් මෙහිදී දීර්ඝ ලෙස කරුණු විමසූ අමාත්‍යවරුන් වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ සේවය කරන 365 දෙනෙකු හෙට දිනයේ PCR  පරීක්ෂණ සඳහා යොමු කිරීමට කඩිනම් පියවර ගනු ලැබුවා. එහි ප්‍රතිඵල හැකි ඉක්මනින් ලබා ගැනීමට ද සෞඛ්‍ය බලධාරීන් සමඟ මෙහිදී සාකච්ඡා කෙරුණා.



ලබන සෙනසුරාදා මෙම ආර්ථික මධ්‍යස්ථානය පොලිසියේ සහය ඇතිව මුළුමනින්ම විෂබීජහරණය කිරීමටත් මෙහිදී උපදෙස් ලබා දුන්නා. අනතුරුව ලබන සඳුදා (9) - සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු  සෞඛ්‍ය අංශවල පූර්ණ අධීක්ෂණය යටතේ ආර්ථික මධ්‍යස්ථානය තොග වෙළඳාමට විවෘත කොට ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සිදු කිරීමටයි මෙම නිරීක්ෂණ චාරිකාවේදී තීරණය කළේ. PCR පරීක්ෂණවලට ලක් වූ පිරිස් පමණක් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුල් කර ගන්නා ලෙසත් දැඩි ලෙස සෞඛ්‍ය අංශ උපදෙස් ක්‍රියාවට නැංවිය යුතු බවත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙළඳ සංගම් නියෝජිතයන්ට මෙන්ම ආර්ථික මධ්‍යස්ථානයේ කලමනාකාරීත්වයට දැනුම් දුන්නා.


ආර්ථික මධ්‍යස්ථානයේ අවට ජනතාව අපහසුතාවයට ලක් නොකර අදාල සැපයුම් සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපදිමින් ඉටු කරන ලෙසයි රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙහිදී ඉල්ලා සිටියේ, විශේෂයෙන් සාධාරණ මිල ගණන් ක්‍රියාත්මක කරන ලෙසද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී විශේෂ ඉල්ලීමක් ද කළා.

  03.   08.

05.  07.

voice-record-icon 1608195  Voice Clip


Last Updated on බදාදා, 04 නොවැම්බර් 2020 08:40

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය