English (UK)SinhalaSriLankaTamilIndia


බස්නාහිර පළාතේ වසාදමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථාන අනිද්දා විවෘත කෙරේ.

17.
 
ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාමට පමණක් විවෘත වන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ. බස්නාහිර පළාත තුළ නිරේධායන ඇදිරිනීතිය පැවතියද 2020.11.04 වන දා සිට තොග වෙළදාම් සඳහා මෙම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. 
 
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි, ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාගේ සභාපති බැසිල් රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී මෙම තීරණ වලට එළඹි බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ. ඒ අනුව රත්මලානල නාරාහේන්පිටල බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථානවල සේවකයන් හෙට 2020.11.03 වන දින පී.සී.ආර් පරීක්ෂණ වලට ලක්කොට එම මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය තීරණය කර තිබෙනවා.
 

මෙම ආර්ථික මධ්‍යස්ථාන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ඇතුලු නිලධාරීන්ගේ නිරීක්ෂණයට අද ලක් වුණා. ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද ජනතාව අපහසුතාවයට පත් නොවන පරිදි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙල මෙලෙස ක්‍රියාවට නැන්වීමට රජය තීරණය කර තිබෙන්නේ. සිල්ලර වෙළඳාම මෙම ආර්ථික මධ්‍යස්ථාන වල සිදු නොවන බවත්, බලපත්‍ර සහිත තොග වෙළදුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීමට මෙම සාකච්ඡාවේ දී තීරණය කළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.  

 

එක ආයතනයකට වාහන 15 ක් සඳහා බලපත්‍ර නිකුත් කොට, සුපිරි වෙළඳ සංකීර්ණ ද විවෘත කොට භාණ්ඩ බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය වූ බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. 

 

කෙසේ වෙතත් වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය මේ වන විටත් ක්‍රියාත්මකව පවතිනවා. එසේම වැලිසර ආර්ථික මධ්‍යස්ථානය ද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව කඩිනමින් විවෘත කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

20.  09.

31.  34.

03.  04.

07.  

 voice-record-icon 1608195 Video Cut 



Last Updated on බදාදා, 04 නොවැම්බර් 2020 08:59

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය