English (UK)SinhalaSriLankaTamilIndia


සත්ත්ව එන්නත් සියල්ල මෙරටදී නිපදවීමට සැලසුම් කෙරේ

Agri News 02

මෙරට සත්ත්ව නිෂ්පාදන ක්ෂේත්‍රයේ සුවිශේෂී කාර්යභාර්යක් ඉටුකරන පොල්ගොල්ල සත්ත්ව විෂාණු රසායනාගාරයේ ක්ෂේත්‍ර චාරිකාවක් සඳහා ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා පසුගිය සිකුරාදා (16) දින එක්විය.

 

එහිදී එම ආයතනයේ සුවිශේෂී කාර්යභාර්ය නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, වසරකට එන්නත් 250,000ක් නිපදවීමේ හැකියාවක් තිබෙන මෙම ආයතනය සංවර්ධනය කොට වසරකට එන්නත් ලක්ෂ 10ක් දක්වා නිෂ්පාදනය ඉහළ දැමීම සඳහා අවශ්‍ය කරන නවීන උපකරණ ලබා දීමට එකඟත්වය පළ කළේය. මෙමඟින් ආනයනය කරනු ලබන එන්නත් අඩුකර, අපනයනය ඉහළ දැමීමට සැලසුම් කෙරේ.

 

එම ආයතනයේ දැනට භාවිත කරන පැරණි උපකරණ සහ උපාංග කඩිනමින් ඉවත් කර ඒ වෙනුවට නවීන උපකරණ ලබා දීමටත් මෙහි දී නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

 

මෙම අවස්ථාව සඳහා පශු සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ සත්ත්ව විෂාණු රසායනාගාරයේ නිළධාරීහු එක්වුහ.

 

Agri News 01    Agri News 03  

 

Agri News 04    Agri News 05


Last Updated on බදාදා, 04 නොවැම්බර් 2020 07:16

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය