English (UK)SinhalaSriLankaTamilIndia


රට වෙනුවෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් විශිෂ්ට තීරණයක් කාබනික පොහොර භාවිතය 1% සිට 30% දක්වා වසර 03ක් ඇතුළත ඉහළ දැමීමට පියවර

AGRI NEWS 01

 

 

රසායනික පොහොර අවභාවිතය නිසා දේශීය ගොවියාත්පාරිභෝගික ජනතාවත්  බරපතල සෞඛ්‍ය ගැටළුවලට මුහුණ දී ඇතිබවත් ඒ සඳහා තිරසාර විසඳුමක් ලෙස කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ දමා ගොවිජනතාව අතර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවලක් කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා ප්‍රකාශ කළේය. එතුමා මේ බව සඳහන් කළේ රසායනික පොහොර භාවිතය හේතුවෙන් සිදුවන පාරිසරික හා සෞඛ්‍යමය ගැටළු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පය යථාර්තයක් බවට පත් කිරීමට උදෙසා දේශීය ගොවියා කාබනික පොහොර භාවිතයට යොමු කිරීම පිළිබඳ කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවේදී ය.

 

මෙහිදී කෘෂිකර්මාන්තයේ ප්‍රගතිය මෙන්ම ජනතාවගේ නිරෝගීභාවය වෙනුවෙන් විශිෂ්ට තීරණයක් ගැනීමට කෘෂිකර්ම අමාත්‍යතුමා ඉදිරිපත් විය. විශේෂයෙන් වසවිස නැති ආහාර රටාවක් තුළින් නිරෝගී සම්පන්න පරපුරක් බිහි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව අවධානය යොමු කර අමාත්‍යතුමා, කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම කඩිනම් කළ යුතු බව අවධාරණය කළේය.

 

රසායනික පොහොර අවභාවිතය හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළු මෙන්ම පාරිසරික ගැටළු අවම කිරීම සඳහා පියවර රැසක් ගැනීමට මෙහිදී අවධානය යොමු විය.

 

 අනුව,

 

·        රජයේ පොහොර සමාගම්වල කාබනික  පොහොර නිෂ්පාදනය ඉහළ දැමීම.

·        කාබනික පොහොර නිෂ්පාදනය සඳහා තාක්ෂණය සහ තාක්ෂණික උපදෙස් ලබා දීම 

·        පෞද්ගලික සමාගම් සඳහා අවශ්‍ය බදු සහන ලබාදීම / නවීන තාක්ෂණික උපකරණ ලබා දීම.

·        කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඉඩම් ලබාදීම.

·        කාබනික පොහොර නිෂ්පාදනය අමුද්‍රව්‍ය රාජ්‍ය මැදිහත් වීමෙන් සැපයීම.

·        කාබනික පොහොර බෙදාහැරීමේ නිසි යාන්ත්‍රණයක් රාජ්‍ය මැදිහත් වීමෙන් සැකසීම.

රජයේ පොහොර සහනාධාර යටතේ කාබනික පොහොර භාවිත කරන ගොවියාගේ සහනාධාරය ඉහළ දමා ඔවුන්ගේ නිෂ්පාදන වැඩි මිලට ගැනීමට අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමුකරන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

 

ඒ අනුව 2021 ජනවාරි මස සිට ක්‍රියාත්මකවන මෙම ව්‍යාපෘතිය ඔස්සේ වසර 03 කදී දේශීය කාබනික පොහොර භාවිතය 30% දක්වා ඉහළ නැංවීම සිදුවනු ඇත.

 

මෙම අවස්ථාව සඳහා  රාජ්‍ය අමාත්‍යවරු, අමාත්‍යාංශ ලේකම්තුමාරාජ්‍ය ලේකම්වරුන්අමාත්‍යාංශ නිලධාරීන් සහ කාබනික පොහොර නිෂ්පාදන සමාගම් නියෝජිතයින් සහභාගී විය.

 

 

 

AGRI NEWS 02   AGRI NEWS 03 

 AGRI NEWS 04   AGRI NEWS 05


Last Updated on බදාදා, 16 සැප්තැම්බර් 2020 09:33

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය