English (UK)SinhalaSriLankaTamilIndia


සෞභාග්‍යයේ ඉදිරි දැක්ම යථාර්තයක් කරමින් පලමු නිෂ්පාදන පොකුරු ගම්මානය නාවලපිටියෙන්

 NEWS 01.  NEWS 02.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම අනුව ස්වයංපෝෂිත ශී ලංකාවක් ගොඩනැගීම අරමුණු කරගෙන දේශිය කෘෂිකර්මාන්තය ඉහල නංවාලමින් ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරනු පිණිස ආරම්භ කරනු ලබන  "නිෂ්පාදන පොකුරු ගම්මාන” වැඩසටහන අද 2020.08.29 කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  නාවලපිටිය අලුත්ගම ගම්මානයෙන් ආරම්භ කරන ලදී.

 

මෙම වැඩපිළිවෙල යටතේ එක් එක් ගම්මාන වල කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලිය ඉහල තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරමින් වැඩි අස්වැන්නක් ලබා ගත හැකි සෞඛ්‍ය සම්පන්න භෝග වගාකිරීමෙහිලා, බීජ නිෂ්පාදනය කිරීම හා එම නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළඳපොල සඳහා නිකුත් කිරීමට නියමිත අතර මෙහි  පළමු පියවර වශයෙන් පවුල් 500 ක් මෙයට වැඩසටහනට සහභාගි කර ගැනීමට නියමිතය.

 

මෙම ක්‍රියාවලියට අවශ්‍ය බීජ තාක්ෂණික දැනුම මූල්‍යමය ආධාර ඇතුළු සම්පූර්ණ ක්‍රියාවලිය අධීක්ෂණයට අවශ්‍ය මානව සම්පත් වැනි සියළු දේ රජයෙන් සපයනු ලබයි. මෙමගින් ග්‍රාමීය කෘෂිකර්මාන්තයේ විශාල සංවර්ධනයක් සිදුවන අතර ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම හා රට කෘෂිකාර්මික නිෂ්පාදන වලින් ස්වයංපෝශිත කිරීම මෙමගින් බලාපොරොත්තු වේ.   

 

මෙම අවස්ථාවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමන්  කෘෂිකර්ම අමාත්‍යංශයේ අතිරේක ලේකම් තුමන් අපනයන බෝග දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් තුමන්   ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.


Last Updated on බ්‍රහස්පතින්දා, 03 සැප්තැම්බර් 2020 10:36

සමාජීය

කෘෂිකර්ම අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2034300

 

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ප්‍රකාශන හිමිකම © 2019  කෘෂිකර්ම අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය