01

   
English (UK)SinhalaSriLankaTamilIndia


කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස මෙත්සිරි විජේගුණවර්ධන මහතා පත්කරයි

2020.01.16i

කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ නව සභාපති ලෙස මෙත්සිරි විජේගුණවර්ධන මහතා පත්කර ඇත. හෙතෙම පශ්චාත් උපාධිධාරියෙක් වන අතර එක්සත් රාජධානියේ වරලත් කලමනාකරණ ආයතනයේ සාමාජිකයෙකි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ හිටපු ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරයෙකු වන විජේගුණවර්ධන මහතා එහි වැඩබලන සභාපතිවරයෙකු වශයෙන් වසර 9ක් කටයුතු කර තිබේ.

කොමර්ෂල් පොහොර සමාගමේ මුදල් හා වාණිජ කටයුතු භාර ප්‍රධානියා ලෙස 1980 වසරේ සිට 1990 වසර දක්වා සේවය කර ඇති අතර පෞද්ගලික පොහොර සමාගමේ සාමාන්‍යාධිකාරි වශයෙන් ද සේවය ලබා දී ඇත. බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර පොහොර සංගමයේ සාමාජිකයෙකු වශයෙන් වසර 9ක පළපුරුද්දක් සහිත මෙත්සිරි විජේගුණවර්ධන මහතා ඇමරිකාව, පිනිලන්තය, අප්‍රිකාව ආදි රටවල පොහොර සම්බන්ධ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ රාශියකට සහභාගී වී ඇත.


Last Updated on අඟහරුවාදා, 21 ජනවාරි 2020 06:50

සමාජීය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ
ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය