01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ලංකා සතොස ආයතනය සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් නුෂාඩ් එම්. පෙරේරා මහතා පත් කරනු ලැබිණි.

2020.01.09i

ලංකා සතොස ආයතනය සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති වශයෙන් පත් කරනු ලැබු නුෂාඩ් එම්. පෙරේරා මහතා අලෙවි වෘත්තිකයෙකු වශයෙන් වසර තිහක පලපුරුද්ද ඇති අයෙකි.

ඩයලොග් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සමාජිකයෙකු සහ සුදුසුකම් ලත් අලෙවි වෘත්තිකයෙකු වීම සහ එම ආයතනයේ ආරම්භක කණ්ඩායමේ අලෙවි නිලධාරියෙකු ලෙස ක්‍රියා කළ ඔහු ඩයලොග් රූපවාහිනි නාලිකාවේ ප්‍රථම ප්‍රධාන විධායක නිලධාරි සහ ඩයලොග් සමූහ ව්‍යාපාරයේ සංඛ්‍යාංක සේවා ප්‍රධානි වශයෙන් ද සේවය කළේය.

සංඛ්‍යාංකික ක්ෂේත්‍රයට අදාළව මැලේසියාවේ දි ආචාර්ය උපාධිය ලබා ඇති අතර 1998 සිට ඩයලොග් ශාඛා පුළුල් කිරීමේ කටයුතු මෙහෙයවා ඇත. මැලේසියාව, ඉන්දුනිසීයාව, නේපාලය සහ බංගලාදේශය යන රටවල දී විශේෂ කාර්යය පැවරුම් ඉටු කර ඇති නුෂාඩ් එම්. පෙරේරා මහතා වෘත්තිකයෙකු වශයෙන් අත්දැකීම් රාශියකින් හෙබි අයෙකි.

2020.01.09ii

 


Last Updated on බ්‍රහස්පතින්දා, 09 ජනවාරි 2020 10:34

සමාජීය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ
ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය