01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආචාර්ය මංජුල පී. සුමිත් මාගමගේ මහතා පත් කරනු ලැබිණි

2020.01.06i

ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය වේදය පිළිබඳ විශේෂ උපාධිය ලබාගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ වසර 20 ක පමණ කාලයක් සේවය කරන පශු වෛද්‍ය විද්‍යාව, සත්ත්ව පාලනය, සත්ත්ව නිශ්පාදනය, සත්ත්ව ප්‍රජනන ජෛව තාක්ෂණය සම්බන්ධව මනා ප්‍රවීණත්වයක් ඇති කේෂත්‍රයේ විශේෂඥයෙකි.

ජපානයේ කෝබේ විශ්ව විද්‍යාලයේ සිය දර්ශන ශූරී සහ දර්ශනපති උපාධිය ලබාගත් ඔහු ඇමරිකාවේ නෙබ්බ්‍රස්කා විශ්ව විද්‍යාලයේ ,කැනඩාවේ කැල්ගරි විශ්ව විද්‍යාලය, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලය, ඉන්දියාවේ ජාතික සත්ත්ව ජෛව තාක්ෂණ ආයතනය සහ ඉන්දියාවේ පශු පර්යේෂණ ආයතනය වැනි ආයතන වල සිය පර්යේෂණ කටයුතු මෙහෙයවූ විෂය ප්‍රවීණයෙකි. පශු සම්පත් සංවර්ධනය පිළබඳව සහ රටේ පශු නිෂ්පාදන සංවර්ධනය සම්බන්ධව විශාල උනන්දුවක් දක්වා ඇති ආචාර්ය මාගමගේ ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයාද වේ. 

දැනට දිනකට මිලියනයකට අධික පාඩුවක් ලබන ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය, ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ නැවත නඟා සිටුවීම ආචාර්ය මාගමගේට පැවරී ඇති වගකීමකි. රජයක් මගින් පාලනය වන ලොව ඇති විශාලතම කිරි ගොවිපළ වන රිදියගම ‍ගොවිපළ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ඇති ගවයින් 2850 ක් පමණ සිටින ශ්‍රී ලංකාවේ ඇති විශාලතම කිරි ගොවිපළද වේ. එයද ඇතුළුව ගොවිපළ 31 ක පමණ ප්‍රමාණයක් පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සතුව ඇත. 

එතුමාගේ ඉදිරි කටයුතු සාර්ථකව කරමින් රටේ කිරි කර්මාන්තය නඟා සිටුවීමට රටේ ජාතික සංවර්ධනයේ ඉදිරි ගමන උදෙසා පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අවශ්‍ය නායකත්වය ලබාදීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

2020.01.06ii


Last Updated on අඟහරුවාදා, 07 ජනවාරි 2020 07:43

සමාජීය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ
ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය