01

   
English (UK)SinhalaSriLankaTamilIndia


“අලුත් දැක්මක් සහිතව කෘෂිකර්මාන්තය දියුණු කරන්න කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරනවා” රාජ්‍ය අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමා

2019.12.25vi

තිරසර පොකුරු නිෂ්පාදන ඒකක පිහිටුවිමේ වැඩසටහනට සමගාමීව “ කුරන ” ගම්මානයේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවන්ගේ ගැටළු සාකච්ඡා කිරීම කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ගරු විදුර වික්‍රමනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමා,

“ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය සාම්ප්‍රදායිකව පැවත එන්නේ එකම දිශානතියකට යොමු වෙමින්. කෘෂිකර්මය ලාභ ලබන දෙයක් බවට පත් කළොත් කෘෂිකර්මයට පැවැත්මක් තියෙනවා. එහෙම නැතිවුණොත් ගොවියා දිනෙන් දින කෘෂිකර්මයෙන් ඈත් වෙනවා. අලුත් දැක්මක් සහිතව කෘෂිකර්මාන්තය දියුණු කරන්න කෘෂිකර්ම අමාත්‍යාංශය කටයුතු කරනවා. සාම්ප්‍රදායිකව බෝග වගාවට පමණක් නෙවෙයි ඒ ආශ්‍රිතව කරන්න පුළුවන් අනෙකුත් කර්මාන්ත ගැනත් අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ අනුව අපි තෝරා ගත්තා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය. ඉන් ලාභ උපයන්න පුළුවන්. විදේශ විනිමය උපයන්නත් පුළුවන්.

කුරන ගම්මානය සාම්ප්‍රදායිකව විසිතුරු මසුන් හදන ගමක්. නමුත් ඒ කර්මාන්තයේ නියැලෙන අයට විවිධ ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න මැඩගෙන මේක ලාභ ලබන ව්‍යාපාරයක් කරනවා වගේම රටට විශාල විදේශ විනිමයක් උපයන ප්‍රභවයක් බවට පත් කරන්න අපි කටයුතු කරනවා. මේ ගමට පමණක් සීමා නොකර ඉදිරියේදී ශ්‍රී ලංකාව පුරා විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ප්‍රචලිත කරන්න අපි කටයුතු කරනවා.

සාම්ප්‍රදායිකව බීජ, පොහොර, උදලු දීලා කෘෂිකර්මය නංවනවා කියන කථාවෙන් බැහැර විය යුතුයි. කෘෂිකර්මය කියන්නේ පැවැත්මක් තියෙන කර්මාන්තයක් වෙන්න ඕනේ. ඒකේ විවිධ පැතිකඩ තියෙනවා. ඒ ඔස්සේ මහජනයාට ලාභයක් ලැබෙන වැඩපිළිවෙලක් තමයි අපි කරන්න ඕන. ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් අනුව අපි මේ සියලු වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.”  යනුවෙන් ප්‍රකාශ කළේය.

වීඩියෝ - https://www.youtube.com/watch?v=8feA5KLpq0w&feature=youtu.be&fbclid=IwAR3f-40ACz6gDmifkqN2HCFCSiQYqA72QeurqghUpE4M0MFkWyCVmiinEA0

 2019.12.25xi 2019.12.25vii  2019.12.25viii  2019.12.25x  2019.12.25iii  2019.12.25iv  2019.12.25v  2019.12.25xii  


Last Updated on බ්‍රහස්පතින්දා, 26 දෙසැම්බර් 2019 09:17

සමාජීය

මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ
ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය
 

80/5,

ගොවිජන මන්දිරය,

රජමල්වත්ත පටුමග,

බත්තරමුල්ල, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය