01

   
English (UK)SinhalaSriLankaTamilIndia


"හිඟයකින් තොරව ගෑස් ලබාදෙන්න ගෑස් සමාගම් සහතික වෙයි" 2019.11.05

2019.11.05i

මේ මාසයේ සිට කිසිඳු හිඟයකින් තොරව ගෑස් සැපයිය හැකි බවට ගෑස් සමාගම් දෙකේ බලධාරීහු අද (05) පෙරවරුවේ ජීවන වියදම් කමිටුව හමුවේ සහතික වූ බව ජීවන වියදම් කම්ටුවේ සභාපති කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා සදහන් කලේය .

ගෑස් මිල අඩුවීම හේතුවෙන් විශාල ඉල්ලුමක් ඇතිවීම, සෞදි අරාබි කලාපයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සහ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැව් ගමනාගමනයට බාධා එල්ලවීම යන කරුණු මත මෙම ගෑස් හිගය ඇති වූ බව අමාත්‍යවරයා සඳහන් කරයි. කෙසේ වෙතත් නත්තල් සහ අලුත් අවුරුදු සමය වෙනුවෙන් අවශ්‍ය ගෑස් තොග ද මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණෙමින් පවතින බව අමාත්‍යවරයා කියා සිටියේ ය.

මුදල් අමාත්‍යාංශයේ පැවැති ජීවන වියදම් කමිටු රැස්වීමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ලිට්රෝ ගෑස් සමාගමේ සහ පෞද්ගලික අංශයට අයත් ලාෆ්ස් ගෑස් සමාගමේ ඉහළ කළමණාකාරීත්වයට අයත් නිලධාරීහු අද පෙරවරුවේ මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී රැස්වූ ජීවන වියදම් කමිටුව හමුවට කැඳවා තිබූ අතර ඔවුහු එහිදී එම සහතිකය ලබාදී තිබිණි.

දෛනිකව වෙළඳපොළට නිකුත් කරන ගෘහස්ත ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 75000 සිය ලක්ෂය දක්වා ඉහළ නංවමින් ගෑස් හිඟය අවසන් කරන බව එහිදී ලිට්රෝ ගෑස් සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා සඳහන් කළේය.

මේ අතර ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද එදිරිවික්‍රම මහතා සඳහන් කර ඇත්තේ තම සමාගම දෛනිකව වෙළඳපොළට නිකුත් කරන ගෑස් ප්‍රමාණය සියයට 35 න් ඉහළ නංවන බවය.

එමෙන්ම ගෑස් ටොන් 27000 ක පමණ ආරක්ෂක ගෑස් තොගයක් පවත්වාගෙන යන බවද ලාෆ්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ජීවන වියදම් කමිටුව හමුවේ ප්‍රකාශ කර ඇත.

2019.11.05iii 2019.11.05ii


Last Updated on බදාදා, 13 නොවැම්බර් 2019 05:46

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය