01

   
English (UK)SinhalaSriLankaTamilIndia


කුකුල් මස්, බිත්තර ආනයනය නවතී - කුකුල් මස් රුපියල් 450යි. බිත්තරයක් 17යි.

2019.10.23i

ඉදිරි උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව කුකුල් මස් කිලෝවක් රුපියල් 450ට අලෙවි කිරීමට කුකුල් මස් නිෂ්පාදකයන්ගේ සංගමය සිය එකඟතාවය පළ කර ඇත. 

කෘෂිකර්ම අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති කුකුල් මස් ආනයනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවේ දී කුකුල් මස් නිෂ්පාදකයන්ගේ සංගමය මෙම තීරණයට එළඹී ඇත.

ඒ අනුව සම සහිත කුකුල් මස් කිලෝවක් රුපියල් 450 – 460 දක්වා ද සම රහිත කුකුල් මස් කිලෝවක් උපරිම සිල්ලර මිල රුපියල් 570කට ද අලෙවි කිරීමට ඔවුන් සිය කැමැත්ත පළ කළේය.

මෙම මිල ගණන් ලබන ජනවාරි මස දක්වා වලංගු වනු ඇති බවත්, කුකුල් මස් හිඟයකින් තොරව ලබා දීමටත් ඔවුන් එකඟ විය. මේ සඳහා වන එකඟතා ගිවිසුම එහි නිලධාරීන් විසින් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතාට ප්‍රදානය කළේය.

මෙම අවස්ථාවට කුකුල් මස් නිෂ්පාදකයන්ගේ සංගමයේ නිලධාරීන් වන පුස්සැල්ලා මීට් ප්‍රඩියුසස් පුද්ගලික සමාගමේ පිලිප් වෑවිට මහතා ඇතුළු කුකුල් මස් අලෙවි කරන ප්‍රධාන සමාගම් 15ක හිමිකරුවන් එක්ව සිටියහ. තවද ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයුම් අමාත්‍යාංශයේ ලේකම් චාන්දනි විජේවර්ධන මහත්මිය, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ශාන්තා විජේරත්න මහත්මිය, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ දුමින්ද ප්‍රියදර්ශන මහතා ද එක්විය.

මේ අතර ඉදිරි උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව රුපියල් 17ක තොග මිලට බිත්තරයක් අලෙවි කිරීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද පැවති සාකච්ඡාවේ දී එකඟතාවය පළ කළේය.

 

ඒ අනුව ලබන අප්‍රේල් දක්වා හිඟයකින් තොරව බිත්තර සැපයීමට ද එකඟ වූ ඔවුන් බිත්තරයක සිල්ලර මිල රු. 19 දක්වා පහළ දැමීමට ද අලෙවිකරුවන් දැනුවත් කිරීමට ද සහයෝගය පළ කළේය.

බිත්තරයක වර්තමාන නිෂ්පාදන මිල රු.15.62ක් බවත්,ඒ අනුව රතු බිත්තරයක මිල රු.19.50කට ද, සුදු බිත්තරයක් රු.18.50 ක සිල්ලර මිලට අලෙවි වනු ඇතැයි එහි සභාපති සරත් රත්නායක  මහතා අමාත්‍යවරයාට පැවසීය.

රු.17ක මිලට තොග වශයෙන් බිත්තර අලෙවි කිරීමට ද පොරොන්දු වූ ඔවුන් 037-2293300 ක්ෂණික දුරකථන අංකය බිත්තර අලෙවි ගැටළු විසදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය මෙහිදී හඳුන්වා දුන්නේය.

2019.10.23ii 2019.10.23iii 2019.10.23iv 2019.10.23ix 2019.10.23v 2019.10.23vi


Last Updated on සිකුරාදා, 25 ඔක්තෝබර් 2019 04:49

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය