01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ඉදිරි උත්සව සමයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කෙරේ. අමාත්‍ය පී. හැරිසන්

2019.10.21xiii

දැනට රුපියල් 450-500ත් අතර පවතින වියළි මිරිස් කිලෝවක මිල අඩු කිරීම උදෙසා ආනයනික වියළි මිරිස් කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 25 සිට 05 දක්වා රුපියල් 20කින් ද, ආනයනික මාළු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 100 සිට 25 දක්වා රුපියල් 75කින් අඩු කිරීමට ජීවන වියදම් කමිටුවේදී තීරණය කළ බව ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය පී. හැරිසන් මහතා අද ( 21 ) පැවසීය.

මේ අතර ඉදිරි උත්සව සමය වෙනුවෙන් පවතින කුකුළු මස් හා බිත්තර මිල පාලනය උදෙසා කුකුළු මස් හා බිත්තර ආනයනයට ද මෙහිදී අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම රජයේ ගබඩාවන්හි පවතින වී තොග මෙට්‍රික් ටොන් 48,000ක ප්‍රමාණය සුළු හා මධ්‍යම ප්‍රමාණයේ වී මෝල් හිමියන් මඟින් ඉතා ඉක්මනින් සහල් කොට සතොස හරහා නාඩු කිලෝවක් රුපියල් 80ක් ද, සම්බා කිලෝවක් රුපියල් 85ක මිලට ද අලෙවි කිරීමට තීරණය කළ බව අමත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2019.10.21xiv2019.10.21xix  2019.10.21xv2019.10.21xvi 2019.10.21xvii 2019.10.21xviii


Last Updated on සිකුරාදා, 25 ඔක්තෝබර් 2019 04:20

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය