01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ආසියා ශාන්තිකර කලාපයේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානය (CIRDAP) මෙහෙයුම් කවුන්සලය හා (Governing Council ) හා විධායක කමිටු රැස්වීම (Executive Committee) සංවිධානය කොට පැවැත්වීම.

2019.10.14i

ආසියා හා ශාන්තිකර කලාපයේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානය ( CIRDAP ) 1979 දී ස්ථාපිත කරන ලද කලාපීය රටවල අන්තර්ජාතික සංවිධානයකි. මෙහි මූලස්ථානය බංගලාදේශයේ පිහිටුවා ඇති අතර කලාපීය රටවල් 15ක් එහි සාමාජිකත්වය දරයි.

ඒවා නම් ඇෆ්ගනිස්තානය, බංගලාදේශය, ෆීජිදුපත්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, ලාඕසය, මැලේසියාව, මියන්මාරය, නේපාලය, පකිස්ථානය, පිලිපීනය, ශ්‍රී ලංකාව, තායිලන්තය හා වියට්නාමයයි. 1980 දී ශ්‍රී ලංකාව එහි සාමාජිකත්වය ලබා ගත් අතර මේ වන තෙක් එහි ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කර ගෙන යනු ලැබේ.

මෙම සංවිධානයේ සාමාජිකත්වය දැරීම තුලින් ආසියා ශාන්තිකර කලාපයේ රටවල් අතර ජාල සම්බන්ධීකරණයක් ඇති කර ගැනීමෙන් එම රටවල්වල විවිධ ආයතන හා සංවර්ධන හවුල්කාරීත්වයන් වෙත ප්‍රවේශ වීමට අවස්ථා ලබා ගැනීමත්, ග්‍රාමීය සංවර්ධනයට අදාල පොදු කාරණා වලදී සාමාජික රටවලට ප්‍රතිපත්ති තීරණ ගැනීමට අවස්ථාව සලසා දීමත්, CIRDAP සාමාජික රටවල්වල ග්‍රාමීය සංවර්ධන අවශ්‍යතාවන් පිළිබඳ බාහිර සංවර්ධන සහකරුවන්ගේ උදවු ලබා ගැනීමටත් හැකිවනු ඇත. මීට අමතරව සංවර්ධන හවුල්කරුවන් සම්බන්ධ කරමින් යහපත් පිලිවෙත් සහිත නව සොයා ගැනීම් පිළිබඳ දැනුම හුවමාරු කර ගැනීමටත්, ග්‍රාමීය සංවර්ධනයට අදාල පර්යේෂණවල හවුල්කරුවන් වීමටත් අවස්ථාව සැලසේ.

CIRDAP ආයතනයේ මෙහෙයුම් කවුන්සිලය හා විධායක කමිටු රැස්වීම( Governing Counciland Executive Committee Meeting )වර්ෂ 2කට වරක් පවත්වන අතර ඒ සඳහා අවස්ථාව සලසා දෙනුයේ ඉංග්‍රීසි අකාරාදී පිළිවෙලටය. ඒ අනුව 2017 වර්ෂයේදී පිලිපීනයේ පැවැත්වූ මෙහෙයුම් කවුන්සිල රැස්වීමේදී 2019 වර්ෂයේ මීළඟ රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමට යෝජනා කර ඇත.

CIRDAP ආයතනයේ මහ ලේකම් (Director General ) ශ්‍රී ලංකාවට පැමිණ ගරු කෘෂිකර්ම ඇමතිතුමන් කරන ලද ඉල්ලීම හා පසුව සිදුකරන ලද සාකච්ඡා වලින් පසුව ඉහත රැස්වීම් දෙක ශ්‍රී ලංකාවේ පැවැත්වීමට තීරණය කරන ලදී. ඒ අනුව එම රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා අවශ්‍ය අමාත්‍යමණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන ලදී.

මෙම මෙහෙයුම් කවුන්සිලය සඳහා සාමාජික රටවල කෘෂිකර්ම විෂයභාර ගරු ඇමතිවරුන් සහ විධායක කමිටු රැස්වීම සඳහා මෙම විෂයට අදාළ ඉහළ මට්ටමේ නිලධාරීන් සහභාගී වීමට නියමිතය. ඒ අනුව විධායක කමිටු රැස්වීම 2019 ඔක්තෝම්බර් මස 8-9 දිනවලත් මෙහෙයුම් කවුන්සිලය 2019 ඔක්තෝම්බර් 11 දිනයේදීත් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ.

මෙම අවස්ථාවට විශේෂ ආරාධිත අමුත්තා ලෙස ගරු කථානායක කරු ජයසූරිය මහතා සහභාගී වූ අතර ගරු රාජ්‍ය අමාත්‍ය අමීර් අලී මහතා, අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා ඇතුළු විදේශීය කෘෂිකර්ම අමාත්‍යංශයන්හි ලේකම්වරු සහ අතිරේක ලේකම්වරු ද මීටසහභාගි විය.

2019.10.14ii  2019.10.14iii

 

 


Last Updated on සිකුරාදා, 25 ඔක්තෝබර් 2019 04:00

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය