01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ශ්‍රී ලංකාවේ දේශගුණික අව බලපෑම අවම කිරීම සඳහා ලෝක බැංකු ව්‍යාපෘති කාර්යාලයක්.

2019.10.09i 

ශ්‍රි ලංකාව තුළ දේශගුණික විපර්යාස පිළිබඳව දත්ත රැස්කිරීම, ආපදා අවස්ථාවන් පෙර හඳුනාගැනීම, ඉන් ජනතාව දැනුවත් කර ආපදා අවම කර ගැනීම සඳහා නවීන තාක්ෂණය භාවිත කර ආපදා අවස්ථා වලදී ක්‍රියාත්මක වන සියලුම ආයතන එකම කාර්යාලයක සම්බන්ධීකරණය කිරීම සඳහා දේශගුණික අව බලපෑම අවම කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘති කාර්යාලය වාරිමාර්ග දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

මෙහි වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ධීවර අමාත්‍යාංශය, නාරා ආයතනය ආදී සියලුම ආයතක වලට අදාලව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් නියෝජනය වෙයි.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය පාසිල් කාසිම්, RIMES ආයතනයේ අධ්‍යක්ෂ ඒ. ආර්. සුබ්බයියා, ආචාර්ය ශ්‍රිනිවාස්, වාරිමාර්ග අධ්‍යක්ෂ ජෙනරාල් මෝහන් රාජා මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සිසිර කුමාර මහතා, වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අල්විස් මහතා, කාලගුණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඒ. කේ. කරුණානායක මහතා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල මහතා ඇතුළු නිලධාරීන් ලෝක බැංකුව සමඟ වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය සමඟ ඇති කර ගත් අවබෝධතා ගිවිසුම් ද මෙහිදී හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.

2019.10.09ii  2019.10.09iii


Last Updated on බ්‍රහස්පතින්දා, 10 ඔක්තෝබර් 2019 08:59

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය