01

   
English (UK)SinhalaSriLankaTamilIndia


ඉස්සන් ආනයනයට කොන්දේසි - අමාත්‍ය පී. හැරිසන්

2019.10.01xxix

ඉදිරියේදී ඉස්සන් ආනයනය කිරීමේදී මෙරට ඉස්සන් අස්වැන්න පිළිබව ද සොයා බලා ආනයනයට කටයුතු කල යුතු බව කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික කටයුතු සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ඉස්සන් වගා කිරීමේ සංගමය සම පැවති සාකච්ඡාවේදී ප්‍රකාශ කළේය.

 

ඇතැම් ව්‍යාපාරිකයන් විසින් දේශීය ඉස්සන් අස්වැන්නද නොතකමින් ඉස්සන් ආනයනය කිරීමෙන් දේශීය ඉස්සන් වගාකරුවන් අපහසුතාවයට පත්ව ඇති බව අමාත්‍යවරයා මෙහිදී කීය. ඒ අනුව ඉස්සන් ආනයනය කිරීමේදී සැළකිලිමත් විය යුතු බවත් ඒ වෙනුවෙන් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මේවෙනුවෙන් තීරණයකට එලබීම සඳහා කමිටුවක්ද පත් කෙරිණි.

 

එලෙසම මන්නාරම් දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්ත වැනමී ඉස්සන් ප්‍රභේදය වගා කිරීම මඟින් අක්කරයක ඉස්සන් කොටුවකින් ටොන් 16ක ප්‍රමාණයක අස්වැන්නක් ලැබෙන බවත් එම ඉස්සන් අපනයනය මඟින් ඉතා හොඳ ලාභයක්ද උපයාගත හැකි බව ඉස්සන් වගාකරුවන් මෙහිදී පෙන්වා දුන්නේය.

 

ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කය තුළ හඳුනාගත් ගොවිපළ 13ක වැනමී ඉස්සන් ආදර්ශන පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතුද සකසන ලෙස අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

 

මේ වන විට ලංකාව පුරා ඉස්සන් අභිජනන මධ්‍යස්ථානය 45ක් පවත්වාගෙන යන බවත් ඉස්සන් වගාවේදී පවතින වෛරස් රෝගී තතත්වයන් නිවාරණය උදෙසා ඉදිරියේදී විද්‍යාගාර පහසුකම්ද ලබා දීමට තම අමාත්‍යාංශය මැදිහත්ව කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

 

මේ වන විට ඉස්සන් මව් සතුන් ආනයනයේදී පවතින බද්ද අවම කිරීමට සහන සළසා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා, ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා, ජලජීවි සංවර්ධන අධිකාරියේ සභාපති එන්.පී. මදවන් ආරච්චි මහතා සහ ඉස්සන් වගාකරුවන්ගේ සංගමයේ නිලදාරීන් කිහිපදෙනෙකුද සහභාගි විය.

2019.10.01xxv  2019.10.01xxvi  2019.10.01xxvii

2019.10.01xxviii   2019.10.01xxx  2019.10.01xxxi


Last Updated on සදුදා, 07 ඔක්තෝබර් 2019 08:03

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය