01

   
English (UK)SinhalaSriLankaTamilIndia


මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වා අවසන්. අමාත්‍ය පී. හැරිසන්

2019.09.19-3i

මෙවර මහ කන්නයට අවශ්‍ය පොහොර ප්‍රමානය මෙම මස නිම වන්නට පෙර ගෙන්වා අවසන් කරන ලෙස රජයේ පො‍හොර සමාගම් සහා උපදෙස්  ලබා දුන් බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.

 

ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ අඩු ආදයම් ලාභී ගොවි පවුල් වෙත ස්ථිර වහලක් සදා දීමේ වැඩසටහන මඟින් නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොවීන් සහා ‍සෙවිලි තහඩු ප්‍රදානය කිරීමට එක්වෙමින්  අමාත්‍යවරයා මේ බව කීය.

 එහි දී වැඩිදුරටත් අදහස දැක්වු අමාත්‍යවරයා මෙම මස 26වෙනිදා යුරියා මෙ.ටො.30,000ක් රැගත් නැවක් ලංකාවට එනවා. ඉන් පසු මහ කන්නය සහා අවශ්‍ය පොහොර ප්‍රමානය සම්පූර්ණ වෙනවා

 

 වී වගාව සහා පොහොර මෙ.ටො.229,526ක ප්‍රමානයක් මෙවර මහ කන්නයට අවශ්‍ය වන බවට අපට වාර්ථා වී තියෙනවා. මහ කන්නයේ වී හෙක්ටයාර 787,259ක පමණ භූමි ප්‍රමානයක වගා කරනු ඇතැයි අපි ගණන් බලා තිබෙනවා.

 

 මහ කන්නයේ දී වී වගාව සහා යුරියා මෙ.ටො.148,162.9ක් ද, ත්‍රිපල් සුපර් පොස්පෙට් මෙ.ටො.36,530ක් සහ MOP මෙ.ටො.44,833ක් මේ වන විට ආනයනය කර තිබෙනවා. මහ කන්නය වෙනුවෙන් රජයේ පොහොර සමාගම් වන කොමර්ෂල් පොහොර සමාගම සහා 40%ක් ද, ලක් පොහොර සමාගම සහා60%ක් ද පොහොර ආනයනය සහා අවසර හිමිව තිබෙනවා යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සහන් කළේය.

 

මෙවර රුසියාව, වියට්නාමය හා චීනය නිෂ්පාදනය කරනු ලබන ගුණාත්මක බවින් යුතු පොහොර ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බවත්,  පෙර කන්නවල දී නිසි වේලාවට පොහොර නොලැබීම නිසා ගොවීන්  අපහසුතාවයන්ට ලක් වුවද මේ වසරේ දී ගොවීන්ට නිසි වේලාවට පොහොර ලබාදීමට තමන් කටයුතු කරන බව වැඩිදුරටත් කීය. 

2019.09.19-3ii 2019.09.19-3iii 2019.09.19-3iv

2019.09.19-3ix 2019.09.19-3v 2019.09.19-3vi

2019.09.19-3vii 2019.09.19-3viii 2019.09.19-3xi


Last Updated on සිකුරාදා, 20 සැප්තැම්බර් 2019 05:29

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය