01

   
English (UK)SinhalaSriLankaTamilIndia


තිරිඟු පිටි මිළ තීරණය කිරීමට කමිටුවක්

2019.09.12i

සමාගම් සමග සාකච්ඡා කරමින් සංශෝධිත තිරිඟු පිටි කිලෝවක මිළ මේ මස 17 වනදා පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේදී ඉදිරිපත් කල හැකි යැයි කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා  අනුරාධපුරදී පැවසීය.

 වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

 දීර්ඝ කාලයක් තිස්සේ තිරිඟු පිටි මිළ වැඩි කිරීමට සමාගම් ඉල්ලීම් සිදු කර තිබුණද මිළ වැඩි කිරීමට හේතු ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වී තිබෙනවා. ආණ්ඩුවේ වගකීම සහ මැදිහත්වීම මත අපි ජීවන වියදම් කමිටුව හරහා සමාගම් වෙත දන්වා සිටියා තිරිඟු පිටි මිළ වැඩි කිරීමට හේතු දක්වන්න කියා. නමුත් ඇතැම් සමාගම් මේ පිළිබද නිවැරදි තොරතුරු ලබා දීමට ජීවන වියදම් කමිටුවට වාර්තා එවීම මගහරිනු ලැබුවා. ඔවුන්ට සිතෙන සිතෙන පරිද්දෙන් පිටි මිළ ඉහල දැමීම පිළිබඳව පසුගියදා ජීවන වියදම් කමිටුවේදී සමාගම් සමග සාකච්ඡාවක් කලා. එහිදී තිරිඟු පිටි පෙර පැවැති මිළටම ලබා දීමට තීන්දු කල ද ඊයේ ( 11 ) දින වන විටත් ඔවුන් වැඩි කල රු. 5.50 ක මිළ එලෙසම පවත්වාගෙන යන්නට අලෙවි ඒජන්තවරුන්ට උපදෙස් ලබාදී තිබුණා. නමුත් අද වනවිට  අප දැන්වූ පරිද්දෙන් පෙර පැවැති මිළටම තිරිඟු පිටි කිලෝවක් අළෙවි කිරීමට එම සමාගම් තීණ්දු කර තිබීම සතුටට කරුණක්.

 සමාගම් තිරිඟු පිටි මිළ ඉහල දැමීමට කරන යෝජනාවන් පිලිබදව විශේෂ කමිටුවක් ජීවන වියදම් කමිටුව හරහා අප පත්කර තිබෙනවා. මේ සදහා මුදල් අමාත්‍යංශයේත් වෙළද අමාත්‍යංශයන්හි  නිළධාරීන් නම් කර තිබෙන අතර ඊළග එනම් සැප්. 17 දින පැවැත්වෙන ජීවන වියදම් කමිටුවේදී අවසන් තීණ්දුවකට පැමිණිය හැකි බව සදහන් කලේය.

තිරිඟු පිටි මිළ වැඩි වීමත් සමග පාන් මිළ වගේම බනිස් ගෙඩියක මිළ ද රු. 5 කින් පමණ බේකරි නිෂ්පාදකයින් විසින් ඉහල දැමීම අසාධාරණයක් බවත් ඒ හේතුවෙන් ඉදිරි සතියේදී බේකරි නිෂ්පාදන හිමියන්ගේ සංගමය සමග සාකච්ඡා කිරීමටත් බලාපොරොත්තු වන බව හෙතෙම වැඩි දුරටත් කීය.

තෝරාගත් ප්‍රතිලාභීන් සදහා තාවකාලික වහල ස්ථීර වහල බවට පත්කිරීමේ රජයේ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර මධ්‍යම නුවර ගම් පළාතේ අඩු ආදායම්ලාභී පවුල් සදහා සෙවිලි තහඩු බෙදා දීමේ උත්සවයකට සහභාගී වෙමින් ඇමාත්‍යවරයා මේ බව කීය.

 

2019.09.12 2019.09.12ii 2019.09.12iii

2019.09.12iv 2019.09.12v 2019.09.12vi

2019.09.12vii


Last Updated on බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2019 10:52

සමාජීය

කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ 

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

288,

ශ්‍රී ජයවර්ධනපුර මාවත ,

රාජගිරිය, ශ්‍රී ලංකාව.

දුරකථන : +94-11-2869553

ෆැක්ස් : +94-11-2868910

ඊ- මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ප්‍රකාශන හිමිකම © 2019 කෘෂිකර්ම,ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය

සියලු හිමිකම් ඇවිරිණි

සැලසුම් නිර්මාණය